මේ වන විටත් ගාළු මුවදොර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පවත්වාගෙන යන අරගල භූමියේ සිටින පිරිස් පවසන්නේ, පසුගිය කාලය තුළ ඊනියා ව්‍යාපාර වූ ප්‍රජාවක් පහසුකම් සැපයූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු එම ව්‍යාපාරික ප්‍රජාව එතනින් ඉවත් වී ගිය බවයි. ඔවුන් මේ බව පවසා සිටියේ ඊයේ එම අරගලයේ ප‍්‍රධානීන් බව පවසන කණ්ඩායමක් විසින් අරගල බිමේ දී මාධ්‍ය හමුවක් කැදවමිනි.
එහිදී ඔවුන් අවධාරණය කර සිටියේ මෙම විරෝධතා භූමියට අයිතිවාසිකම් කියන බොහෝ පිරිසක් බිහිවී ඇතත් මින් ඉදිරියට අරගල භූමිය ගැන පණිවිඩය ගෙන යන්නේ තම කණ්ඩායම විසින් පමණක් බවයි.
මේ සම්බන්ධයෙන්, ජනතා විමුක්ති පෙරමුණේ 70 දශකෙය් සහ 80 දශකයේ ක්‍රියාකාරිකයෙකු අදහස් දක්වමින්, ” 1976 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වීරසූරිය ඝාතනය වූ මොහොතේ පටන් අප විශ්ව විද්‍යාල භූමිය තුලත් මහනුවර පේරාදෙණිය නගර ආශ්‍රිතවත් විරෝධතා ව්‍යාපාර සංවිධානය කළා. එම විරෝධතාවලට එවකට තිබුණු හොඳම සුඛෝපභෝගී වාහන වලින් පැමිණි පිරිස් අපට ආහාර පාන ආදිය ගෙනවිත් දුන්නා. නමුත් 1977 ජේආර්ගේ ආණ්ඩුව බලයට පත්වුණු වහාම එම සංග්‍රහ ආදියේ මූලිකත්වය ගත් පිරිස් ජේආර්ගේ ආණ්ඩුවේ තනතුරු වරප්‍රසාද ගන්නා ආකාරය දකින්නට ලැබුණා. මෙවරත් එම සිද්ධියම වුනා. ඝෝඨාගෝගමට එකතුවුනු පිරිස් වලට සීනි බදු මුදල් වංචා කළ, පොල්තෙල් බදු මුදල් වංචා කළ පිරිස් රස මසවුළු බෙදා දුන්නා. ඔවුන් අරගලයට පහසුකම් සැපයුවේ ගෝඨාභය පන්න දමා තම හාම්පුතා වූ බසිල් රාජපක්ෂ රජ කරවන්නයි. නමුත් පොහොට්ටුවේ මන්ද බුද්ධික නූගත් උද්ද්ච්ඡ හිටපු ඇමතිවරු කිහිප දෙනෙකු ගේ සැලෝලයිඩ් වීරයන්ගේ ගෝඨාගෝගාම ආක්‍රමණයෙන් පසුව රට පුරා පොහොට්ටුවේ මැති ඇමතිවරු ඉලක්ක කර එල්ල වූ දැවැන්ත ප්‍රහාරයෙන් පසුව බැසිල් බැටන් එක රනිල්ට භාර දුන්න. එතැනින් එහාට ගෝඨාගෝගම තිබුනත් එකයි. නැතත් එකයි. අරගලකරුවන් අතර තවදුරටත් ඒකාත්මික බවක් පවතින්නේ නැහැ. ඔවුන් බෙදී ගහ මරා ගැනීම ඒකාන්තයෙන්ම සිදුවනවා. මුදල් නොලැබී යන විට ජවිපෙ සහ පෙරටුගාමී ක්‍රියාධරයන් ඔවුන්ගේ කාර්යභාර්ය අවසන් බව ඔවුන්ගේ නායකයන් දැනුම් දුන් විගස ඔවුන් ආපසු යනවා. අරමුණක් රහිත වැඩපිලිවෙලක් රහිත කෑදර මධ්‍යයම පන්තිය සහ අරගලකරුවන්ම සඳහන් කරන නාගරික ලූම්පන් පංතිය අරගලය අතහැරි විගසම ගෝඨගෝ අරගලය අවසන් වෙනවා. ඊයේ ඔවුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට කියා සිටියේ ඒ සත්‍යයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...