නිට්ටඹුවේදී ඝාතනයට ලක්වූ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතිකෝරාල මහතා ඝාතනය කරන අවස්ථාවේදී නිට්ටඹුව නගරයේ සවිකර තිබූ සීසීටීවී උපකරණ වල දර්ශන මේ වන විට මාධ්‍යය වෙත නිකුත් වී තිබේ. අමරකීර්ති අතුකෝරාල මහතාගේ ආරක්ෂක නිලධාරියා ඒ මහතා ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගන්නා අතර ඝාතකයෝ ඉතාමත් ම්ලේච්ඡ අයුරින් ඔවුන්ට පහර දෙන ආකාරය එම දර්ශන වල සටහන්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රියදුරෙකු ඇතුළු තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පැවසේ. සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පර්යේෂණ වල නියැලෙන විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු අප වෙත පවසා සිටියේ පකිස්ථානයේදී ආගමික අන්තවාදීන් විසින් ඝාතනයට ලක්කෙරුණු ප්‍රියන්ත මහතාගේ සහ අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතන විධි අතර සමානකමක් දක්නට ලැබෙන බවයි. එම ඝාතන දෙකෙහි දීම ඝාතකයෝ ඝාතනයට ලක්වූ පුද්ගලයන්ට දරුණු වධ හිංසා පැමිණවීමටත් ඝාතනයෙන් පසුව මල සිරුරු වලට අපහාස කිරීමටත් කටයුතු කර තිබීම විශේෂත්වයක් බවද එම ආචාර්යවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...