ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පැය හතරකට ආසන්න දීර්ඝ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.
පසුගිය මැයි 9 වැනිදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි මූලස්ථානයට මන්ත්‍රීවරයා කැඳවා තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි, ඇයගේ සැමියා වන කංචන ජයරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබුණි.
මීට අමතරව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක සහ සංජීව එදිරිමාන්න මෙන්ම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන්ද ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...