දේශීය පුවත්

පසුගියදා පැවැති හිරු බලය වැඩසටහනට සහභාගි අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ මහතා කියා සිටියේ පසුගිය 09 වනදා සමස්ත රට තුළ ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රියා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානාත්මකව මෙහෙය වූ බවයි. එහිදී ඒ මහතා අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණ සිය ඉතිහාසය තුළ කළ වැරැද්ද වන නායකයන් ප්‍රචන්ඩ ක්‍රියා වලට යොමු වීමේ වරද මෙවර නොකළ බවයි. රට පුරා සිංහල මිනිසුන් ජීවත් වන ප්‍රදේශ වල සිටින සිංහල දේශපාලඥයන් ඉලක්ක කොට ඔවුන් මෙම පහර දීම සිදු කළ බවද ඒ මහතා චෝදනා කළේය. එහිදී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ප්‍රහාරකයන් හොඳ පුහුණුවකින් යුක්ත පිරිසක් බවයි. ඔවුන් රට පුරා කළ පහර දීම් වලට පෙට්‍රල් බෝම්බ යොදා ගත්තද කිසිවෙකුත් තුවාල නොලැබීම ඔවුන් සතු ප්‍රහාර එල්ල කිරීමේ නිපුනතාවය ප්‍රකට කරන බව යැයි පවසා සිටියේය. එහිදී සමාජ ජාලා තුළ ජවිපෙ සාමාජිකයන්ගේ හැසිරීම විග්‍රහ කළ මන්ත්‍රීවරයා පවසා සිටියේ, මැයි 06 වනදා වන විට අම්පාර දිස්ත්‍රික්කයේ ජවිපෙ සාමාජික රජිත ආරියපාල නුදුරේදීම රට තුල ඝාතන සිදු වෙන බව සිය මුහුණු පොතෙහි අනාවරණය කර ඇතැයි පවසා සිටියේය. ඔවුන්ගේ සැලසුම යම් පමණකට අවුල් වූ බව පවසු මන්ත්‍රීවරයා අඩුම තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50ක් සියලුම පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා සභාපතිවරු මරා දැමීමට ඉඩ තිබුණු බවත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More