රූපවාහිනී නිවේදිකාවක ඇතුළු තිදෙනෙකු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට් අනුව , මැයි 9 වන දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන, විශේෂ විමර්ශන ඒකක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව කියවේ.
අත්අඩංගුවට ගෙන ඇති රූපවාහිනී නිවේදිකාව 39 හැවිරිදි වියේ පසුවන කොළඹ 5, නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු 21 හැවිරිදි වියේ පසුවන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ අනෙකා දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු බවද පැවසේ. මෙම සැකකරුවන්ට සහ සැකකාරිනියට එරෙහිව පරිගණක අපරාධ පනතේ සටහන් වැරදි යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...