දේශීය පුවත්

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රචණ්ඩ සිදුවීම්වලට අත්අඩංගුවට ගත් පිරිසෙන් බහුතරය ජ.වි.පෙ. සාමාජිකයන් බවට පොලිස්පතිවරයා උපුටා දක්වමින් කළ ප්‍රකාශය සම්බන්ධව පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් ඒ සඳහා සාකච්ඡාවකට දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් යොමු කරන ලද එම ලිපියේ සඳහන් කරුණු මෙසේ ය.

“පසුගිය 9 වන දින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව අප පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා විසින් පෙරේදා (මැයි 18) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටි අවස්ථාවේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් පළ කරන ලද අදහසක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමු.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කරන්නේ, තමන් ඒ මොහොතේ පොලිස්පතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගත් බව ත් සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධව අත්අඩංගුවට ගත් 450ක පිරිස අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් 150ක් සිටින බවට පොලිස්පතිවරයා කියා සිටින බවත් ය.

මෙම අත්අඩංගුවට ගන්නා ලද පිරිසේ දේශපාලන පසුබිම සොයා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති තත්ත්වයක් තුළ සහ කිසිදු සාක්ෂියක් හෝ පදනමක් නොමැති තත්ත්වයක් තුළ මෙසේ 150ක පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බවට කරන ලද ප්‍රකාශය අතිශය බරපතළ ය. එම සාහසික ප්‍රකාශය ප්‍රචණ්ඩ ක්‍රියාවල වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීම සඳහා ගනිමින් තිබෙන ආණ්ඩුවේ නිර්ලජ්ජිත උත්සාහයේ ම කොටසක් බව අපි තරයේ ප්‍රකාශ කරමු.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින අප පක්ෂය සම්බන්ධයෙන් එල්ල කරන ලද මෙම චෝදනාත්මක ප්‍රකාශය බරපතළ වන බැවින් ඒ පිළිබඳව කඩිනම් පැහැදිලි කිරීමක් පොලිස්පතිතුමා ලෙස ඔබගෙන් අපේක්ෂා කරමු. එසේ ම ඔබ විසින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට මෙබඳු තොරතුරක් ලබා දෙන ලද්දේ නම් මීට අදාළව අත්අඩංගුවට ගත් පිරිසේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව ඔබ විසින් විශේෂ හඳුනා ගැනීමක් සිදු කර තිබේ ද යන්නත් ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සමස්ත පිරිසේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව ඔබ විසින් කරන ලද වර්ගීකරණය රට හමුවේ තැබීමට කටයුතු කරන ලෙසත් අපි ඉල්ලමු.

සමස්ත සිදුවීම් දාමය උපයෝගි කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ දඩයම් කිරීම සඳහා ආණ්ඩුව නිර්ලජ්ජිත හා කුමන්ත්‍රණකාරී උත්සාහයක නිරත බව පැහැදිලිව ප්‍රදර්ශනය වෙමින් ඇති බැවින් මේ පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කරගැනීම වෙනුවෙන් ඔබතුමා හමුවීමට කඩිනමින් දිනයක් හා වේලාවක් ලබා දීමට කටයුතු කරන ලෙස අපි වැඩිදුරටත් ඉල්ලා සිටිමු.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More