කොදව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ආචාර ධර්ම කඩ කළ බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමණාකරු අසංක ගුරුසිංහ පිළිගෙන තිබේ.
තරඟයේ තෙවන දිනයේදී පැය දෙකක පමණ කාලයක් පිටියට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන් මෙසේ වැරදිකරුවන් බවට පත්ව තිබේ.ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ලබාදෙන දඬුවම් ඉදිරියේදී තීරණය කරන බවද වාර්තාවේ.
කෙසේ වෙතත් නායක චන්දිමාල් පන්දු පළුදු කිරීම සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය අද (22) සළකා බැලීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...