දේශීය පුවත්

අද සහ හෙට (මැයි 19 සහ 20) පෙට්‍රල් සැපයුම් නොකරන බැවින් පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ(18 ) පාර්ලිමේන්තු සැසිවාරයේදී රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳ හෙළිදරව් කරමින් මන්ත්‍රීවරයා මෙම සති අන්තයේ ගැටලුව විසඳන බවද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් ඩීසල් තොග පවතින බැවින් අඛණ්ඩව ඩීසල් ලබා දෙන බවද අමාත්‍ය විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

“ඊයේ ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් දෙකම පිරවුම්හල්වලට බෙදා දුන්නා. සමස්ත පිරවුම්හල් 1,300ක් තිබුණත්, ඉදිරි සතිවලදී අඛණ්ඩව ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් සැපයීමට බලාපොරොත්තු වෙනවා.”

අමාත්‍යයවරයා වැඩිදුරටත් අදහ්ස් දක්වමින්, පෙට්‍රල් තොග ලබා ගැනීමේ ගැටලුවක් පවතින බවත්, මාර්තු අග සිට පෙට්‍රල් තොගයක් රැගත් යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති නමුත්, ඇමරිකානු ඩොලර් හිඟය හේතුවෙන් ඒවා බාගත කිරීමට නොහැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මීට පෙර 2022 ජනවාරි මාසයේදී බෙදා හරින ලද පෙට්‍රල් වලට ගේව්ය යුතු නැව් ගාස්තු ලෙස එම යාත්‍රාව සඳහා ඩොලර් මිලියන 53 ක ගෙවීමට ඇති බවද ද ඇත, අමාත්‍යයවරයා තවදුරටත් පැවසීය.

අමාත්‍ය විජේසේකර පවසන පරිදි ගෙවීම් දෙකම පියවන තුරු අදාළ සමාගම යාත්‍රාව මුදා හැරීම ප්‍රතික්ෂේප කර ඇත. අගෝස්තු මාසයේ සිට දින 15ක් ඇතුළත පෙර නැව්ගත කිරීම සඳහා ගෙවීම් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ලිඛිත සහතිකයක් ලබා දීමෙන් පසු නියමිත ගෙවීම පියවීමෙන් පසු යාත්‍රාව මුදා හැරීමට එම සමාගම එකඟ වූ බව ඔහු පැහැදිලි කළේය.

අමාත්‍යයවරයාට අනුව මෙම මුදල් ගෙවීමට අමාත්‍යාංශය තවමත් මුදල් සොයාගෙන නැත. “කෙසේ වෙතත් අපි අද හෝ හෙට පෙටල් මුදා හැරීමට කටයුතු කරමින් සිටිමු.”

“ඉතා සීමිත තොග ප්‍රමාණයකින් බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදුකෙරෙන බැවින් පෙට්‍රල් සඳහා පෝලිම්වල නොසිටින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ නිසා” යැයි අමාත්‍යවරයා කියා සිටියේ මේ මොහොතේ අත්‍යවශ්‍ය සේවා සඳහා විශේෂයෙන් ගිලන් රථ සඳහා පෙට්‍රල් තොග සැපයිය යුතු බවයි.

“මෙම උද්ගතව ඇති තත්වයට අපි සමාව අයදිමු. ත්‍රිරෝද රථ දෛනික ඉන්ධන මිලදී ගැනීම් මත ක්‍රියාත්මක වන බව අපට වැටහෙනවා. කෙසේ වෙතත් අද සහ හෙට පෝලිම්වල රැඳී නොසිටින ලෙස අපි සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

සියලුම පිරවුම්හල් වෙත පෙට්‍රල් බෙදාහැරීම අවසන් කිරීමට අවම වශයෙන් දින තුනක්වත් ගතවනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More