පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා වෙත ලිපියක් යොමු කරමින් , පොලිසියට එරෙහිව මහ ජනතාවගේ දැඩි කලකිරීමක් ඇතිවීමට හේතුව පසුගිය කාල සීමාව තුළ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වීම බව පෙන්වා දී ඇති බව අන්තර්ජාල් පුවත් අඩවි කිහිපයක් පවසයි.
පොලිස්පතිවරය විසින් යවන ලද එම ලිපිය මගින් පසුගිය කෙටි කාල කාල සීමාව තුළ පොලිසිය දේශපාලනීකරණය වූ ආකාරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් සපයයි.
පොලිස්පතිවරයාගේ ලිපියට අනුව පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා පැවති රජය යටතේ ස්ථානාධිපති ධූර ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිසි සුදුසුකම් සහිතව එම තනතුර ලබා දී ඇත්තේ, පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුට පමණකි.
ඒ අනුව ඉතිරි පොලිස් ස්ථානාධිපතිවරුන් 182 දෙනා පොලිස්පතිවරයාගේ නිර්දේශවලින් තොරව දේශපාලන බලය මත පත්වීම් ලබා දී ඇති බව පොලිස්පතිවරයා විසින් මීට මාස 03කට පෙර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට අදාළ ලිපිය මගින් දන්වා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...