පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ‘ගෝඨාගෝගමට’ හා ‘මයිනාගෝගමට’ පහරදීමට එන පිරිස නවත්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී තිබුණත් එය ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයා විසින් වළක්වා ඇති බවය . ගැටුමක් ඇතිවීම වළක්වන ලෙසට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජනපතිවරයා උපදෙස් ලබාදී තිබුණ බව අනාවරනය කළ ඔහු අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන පිරිසට කදුළු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස පොලිස්පතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණ බව අනාවරණය කළේය. ගෝල්ෆේස් වෙත එල්ල වූ ප්‍රහාරය නවත්වන එපා කියා නියෝග කළේ පොලිස්පතිවරයාත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් බව ඔහු පවසා සිටියේය.
“හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා ධුරයෙන් ඉවත්වන බව දැන්වලා එතුමට සුබ පතන්න අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලිය ගහ මන්දිරයට ඒ පිරිස ගියා. මෙතනට ආපු සාතිශය බහුතරයකගේ අභිලාෂය වුණේ දීර්ඝ කාලයක් මේ රටට සේවය කරපු අග්‍රමාත්‍යවරයාට ගෞරවය දක්වන්නයි. මේ රැස්වීමේ අපිත් හිටියා. මේ රැස්වීම අවසානයේදී අපි ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා මුග්ධ දේශපාලඥයින් කිහිප දෙනෙක් මෙතනට ආපු ජනතාවට අනියම් බලපෑමක් කළා.
අපි ඒක පිළින්නට අවශ්‍යයි. ඒ බලපෑමට යටත්වෙලා අපු පිරිසෙන් සියයට 10ක් විතර ‘ගෝඨාගෝගම’ ට පහර දෙන්න ඕන කියන මානසිකත්වයෙන් ගාලු පාරේ ගමන් කළා. ගෝල්ෆේස් වල අරගලය මාසයක් තිබුණා. ජනපතිතුමාටත් කාටවත් අවශ්‍යතාවක් තිබුණේ නෑ මේකට ගලක්වත් ගහන්න. අරලියගහ මන්දිරයට ආපු ඒ පිරිස යනකොට මම අරලියගහ මන්දිරයේ හිටියේ. ඒ පිරිස යනකොට නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මැතිතුමාට මම කථා කළා ‘මෙහෙම අවාසනාවන්ත සිදුවිමක් වෙන්න යනවා කරුණාකරලා මේක නවත්වන්න’ කිව්වා.
DIG තෙන්නකෝන් මහත්තයා මට කිව්වා ‘කිසිම ගැටලුවක් නෑ සර්, සියලුම රෝඩ් බ්ලොක් දාලා තියෙන්නෙ. මේක අපි නවත්වනවා’ කියලා. ඒ කෝල් එක දීලා මම ජනපති මන්දිරයට ගියා ජනපතිතුමා සමඟ රැස්වීමකට. ජනාධිපති මන්දිරයේ මම ඉන්නකොට මට කථා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ. එතුමා මට කිව්වා ‘ලොකු ගැටලුවක් වෙන්න යනවා ඇමතිතුමා. වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්නෙයි’ කියලා.
එතකොට මම ජනාධිපතිතුමාට කිව්වා ‘විශාල ගැටලුවක් සර්; මෙතන ලොකු අර්බුදයක් වෙන්න යනවා. වහාම මැදිහත්වෙලා නවත්වන්න’ කියලා. එතකොට ඇමතිවරු කිහිප දෙනෙක් හිටියා. ජනාධිපතිතුමා දුරකතන ඇමතුමක් ගත්තා ‘මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා. මොකක්ද මේ වෙන්නේ’ කියලා ඇහුවා.
එතකොට දේශ තෙන්නකෝන් මහතා ‘සර් 12.40ට පොලිස්පතිතුමා මට කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා. මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා. මේක නවත්වන්නව එපා කියලා’ පොලිස්පතිතු තුමා කිව්වා’ කියා කිව්වා.
ජනාධිපතිතුමා ඒ වෙලාවේ කිව්වා ‘තමුසෙට මම රටේ ජනාධිපති කිව්වේ වහාම නවත්වනවා’ කියලා. ජනාධිපති කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නවත්වන්න පොලිසිය මැදිහත්වුණේ. ඊට පස්සේ තමයි මේක මේ විදිහටවත් නැවතුණේ. මේ ප්‍රහාරය නවත්වන එපා කියලා නියෝග කළේ පොලිස්පතිවරයාත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් කියන එක තමයි සත්‍ය කාරණය” යනුවෙන් රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා පවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...