දේශීය පුවත්

වර්තමාන ආර්ථික හා දේශපාලන අර්බූදය දඩමීමා කරගෙන විග්නේෂ්වරන්ලාට සුමන්තිරන්ලාට රට බෙදීමට කිසිසේත් ඉඩ නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. ජාතික පුවත් පතකට අදහස් දක්වමින් ජයන්ත සමරවීර මහතා අවධාරණය කළේ 2002 දී සහ 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යය තනතුර දරන කාලයේදී ඔහු උත්සහා කළ අන්දමේ බෙදුම්වාදය හෝ ඉස්ලාම් අන්තවාදය සම්පූර්ණ වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකට ඉඩක් නොතබන බවට ජනතාවට සහතික කරන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ” අපි පැහැදිලිව කියනවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යයවරයාට මේ රටේ ජනතාව පෙළෙන තෙල්,ගෑස්, විදුලිය, ආහාර ඒ වගේම කර්මාන්ත අමුද්‍රව්‍යය වැනි අත්‍යයවශ්‍ය ද්‍රව්‍යය හා සේවාවන් සාධාරණ මිලට ලබාදීමට කටයුතු කරන්නේ නම් අප ඊට සහය දීමට සූදානම්. එසේ වුවත් එතුමාගේ අතීත භූමිකාව මේ රටට හිතවාදී වුනේ නැහැ.එතුමා තමයි වේලුපිල්ලේ පිරිභාරන් සමඟ මේ රටේ කොටසක් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට ලබා දෙන්නේ 2002 පෙබරවාරි 22 රනිල්-ප්‍රභා ගිවිසුම අත්සන් කරලා කොටි ත්‍රස්තවාදයට වෙනම පාලන ඒකකයක් ලබාදෙන්නේ සූදානම් කළේ. ඒ ඉතිහාසය අපට මතකයි. ඒ වගේම එතුමා 2015 දී නව ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාවක් ගෙන ඒම සඳහා ව්‍යයවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරලා බෙදුම්වාදී ව්‍යාපාරයේ මනදොළ සම්පූර්ණ කරන්න දැවැන්ත උත්සහායක් ගත්තා. එතුමා බලයට පැමිණි හැම අවස්ථාවකම මේ රටේ බෙදුම්වාදීන්ට ඒ වගේම ඉස්ලාම් අන්තවාදීන්ට ඔවුන්ගේ ඉල්ලීම ඉටුකරගන්න පුළුවන් වාතාවරනයක් සකස් කර දුන්නා. ඒ නිසා මේ අවස්ථාවේ අපි මේ රටේ ජනතාවට වගකීමෙන් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 දී 2015 දී ඔහු අග්‍රාමාත්‍යයධූරය දරපු ඉතිහාසයේදී ඔහු කළ සෙල්ලම් මේ වතාවේ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. බෙදුම්වාදය ව්‍යාපාරය සහ ඉස්ලාම් අන්තවාදය සම්පූර්ණ වන කිසිදු ව්‍යාවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අප කිසිදු ඉඩක් ලබා නොදෙන බව සහතික කොට කියා සිටිනවා”. යැයිද ඔහු කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More