දේශීය පුවත්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (මැයි 18) පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තාවේ.

ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගෙන සිටින අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවෝ පවසති.
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාව මෙය යි. මයිනාගෝගම සහ ගෝඨාගෝගම අරගලකරුවන්ට පහර දීම සඳහා පොහොට්ටු හිතවාදීන් පිරිසක් උසි ගැන්වූ බවට චෝදනා කරමින් ජනතාවගේ දැඩි විරෝධයක් මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වූ අතර ඒ හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. අනතුරුව ආරක්ෂක හේතු මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ත්‍රිකුණාමලය නාවික තටාකාංගණය වෙත රැගෙන ගොස් තිබිණු බවද වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More