දේශීය පුවත්

යුක්‍රේනයේ  මරියුපෝල් හි අස්වොස්ටාල් වානේ කම්හලේ සති ගණනක් සිරවී සිටි යුක්‍රේන ජාතිකවාදී අසෝව් නව නාසි බලඇණියේ සහ යුක්‍රේන හමුදාවේ සාමාජිකයින් රුසියානු හමුදාවන්ට යටත් වන වීඩියෝවක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර තිබේ.

ඊයේ (17 ) මුදාහරින ලද අදාළ වීඩියෝ පටයේ  අසෝව් නව නාසි බල ඇණියේ සාමාජිකයින් සහ යුක්‍රේන නිත්‍ය හමුදා සාමාජිකයින් රුසියානු සෙබළුන් විසින් සෝදිසි කර කම්හලෙන් පිටත නවතා තැබූ බස් රථවලට නංවන ආකාරය වීඩියෝ ගතව තිබේ.

ආයුධ බිම තබා යටත්වූ බොහෝ දෙනෙක් බරපතල තුවාල ලැබූවන් බව තහවුරු වේ. තුවාල ලැබූවන්ගෙන් සමහරෙකුට රුසියානු හමුදා වෛද්‍යය බලකා සෙබළුන් විසින් වෛද්‍ය ආධාර ලබා දෙනු ලැබූ බවද එම වීඩියෝ පටය දෙස් දෙයි.

කියෙව්හි ආණ්ඩුව පසුගිය සඳුදා(16) අස්වොස්ටාල් කම්හල් සංකීර්ණයේ භූගත බංකර වල කොටුවී සිටි තම සටන්කරුවන්ට යටත් වන ලෙස නියෝග කළේය. එතැන් සිට, යුක්‍රේන ජාතිකවාදී අසෝව් බලඇණියේ සහ යුක්‍රේන හමුදාවේ සාමාජිකයින් 265 ක් ආයුධ බිම තබා ඇති අතර, ඔවුන්ගෙන් 51 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. තුවාල ලැබූවන් ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව විසින් පාලනය කරනු ලබන නොවොසොව්ස්ක් නගරයේ පිහිටි රෝහලකට ඇතුලත් කිරීමට කටයුතු සම්පාදනය කරන ලදී.

රුසියානු හමුදාවේ ඇස්තමේන්තු වලට අනුව, අස්වොස්ටාල් වානේ කම්හලේ දැවැන්ත භූගත බංකරය තුළ සටන්කරුවන් 2,000 ක් පමණ කොටුවී සිටිය හැක.

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුමේ දී බිහිසුනු සටන් වලට යුක්‍රේනයට මුහුණ දීමට සිදු වූ අතර , යුක්‍රේනයට දැවැන්ත විනාශයක් අත්පත් කරගනිමින් මරියුපෝල් නගරය අත් හැරිමටද සිදු විය. මොස්කව් පාලනය මාසයකට පෙර මූලෝපායික වරාය නගරය අත්පත් කර ගැනීම නිවේදනය කරන ලද අතර, අස්වොස්ටාල් ප්‍රදේශය ගැටුමේදී යුක්‍රේන හමුදාවන් රුසියානු හමුදාවන්ට එරෙහිව දැක්විය හැකි අවසාන දැවැන්ත ප්‍රතිප්‍රහාර එල්ල කරන ප්‍රදේශය බවට පත්විය.

රුසියානු හමුදා විසින් වටලනු ලැබූ යුක්‍රේන හමුදාවන්ට දැඩි හානි සිදු වූ අතර ආහාර හා ජලය හිඟ වූ යුකේන සෙබලුන්ට පසුගිය සති කිහිපය තුළ රුසියානු හමුදා විසින් යටත් වීමට කිහිප අවස්ථාවකදී ඉඩ ලබා දී තිබුණි. නමුත් පසුගිය සඳුදා වනතුරුම ඔවුන් එම දීමනා ප්‍රතික්ෂේප කර තුන්වන රටකට යවන ලෙස ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, මැයි මස මුලදී අස්වොස්ටාල් කම්හලේ භූගත බංකරය තුල සිරවී සිටි සිවිල් වැසියන් නිදහස් කිරීමට ඔවුන් එකඟ විය. මොස්කව් පාලනය පවසන්නේ එම ජනතාව ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන මිනිස් පලිහක් ලෙස භාවිත කළ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More