එල්.ටී.ටී.ඊ.සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබීමත් උතුරේ වැසියන් ඉන්දියාවට පලායෑම වැඩිවීමත් නිසා ඉන්දියාව යළිත් වරක් නවීන පන්නයේ මෙහෙයුම් යාත්‍රා උපයෝගී කරගෙන ඉන්දීය සාගරයේ ආරක්ෂාව 17දා සිට වැඩි කොට ඇති බව වාර්තා වේ.
උතුරේ වැසියන් ඉන්දියාවට පලායෑම වළක්වා ගැනීම සඳහා මෙහෙයුම් යාත්‍රා 16 ක් යොදවා තිබූ ඉන්දීය නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක තොරතුරුත් සමග එම යාත්‍රා සංඛ්‍යාව 50 ක් දක්වා වැඩි කොට තිබේ. එසේ යොදවා ඇති මෙහෙයුම් යාත්‍රාවලින් තිස් පහක් පමණ යොදවා ඇත්තේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ මුහුදු කලාපයේ වන අතර මෙම මෙහෙයුම් යාත්‍රා දවසේ පැය විසි හතර පුරාම ක්‍රියාත්මක වෙයි.
එසේම ඉන්දීය නාවික හමුදාවට සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් මුර යාත්‍රා, ඩ්‍රෝන සහ හෙලිකොප්ටර් යානා ජාත්‍යන්තර සමුද්‍ර සීමාවෙන් ඔබ්බෙන් වූ ප්‍රදේශවල සහ වැලි කඳු ආශ්‍රිතව දැඩි මුර සංචාරයක නිරත වී තිබේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිට ඉන්දියාවට පලා යන සරණාගතයන් පිරිස කෙසේ හෝ නතර කරවා ගැනීම සඳහා ඉන්දියාව දැඩි වෙහෙසක් දරන අතර මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටින රටවල් දෙකේම ධීවරයන් පිළිබඳව දැඩි අවධානයකින් පසුවෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...