මේ වන විට අපනයන බහාලුම් ප්‍රවාහනය සියයට 90ක් පමණ නතර වී ඇතැයි සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.
අපනයන බහලුම් ප්‍රවාහනය සඳහා තම රථවලට ඔටෝඩීසල් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් නොකළහොත් අපනයන බහලුම් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර වනු ඇතැයිද රටට සියයට 60ක් පමණ ඩොලර් ලැබෙන්නේ අපනයන බහලුම් යැවීමෙන් බවද මේ වන විට ආයෝජන මණ්ඩල කර්මාන්තශාලා අපනයනය සඳහා සූදානම් කර තිබෙන භාණ්ඩවලින් පිරී ඇති බවද ඔහු කියා සිටියේය.
මේ නිසා තම අපනයන භාණ්ඩ ප්‍රවාහනය සඳහා බලපා ඇති ඉන්ධන ගැටලුව වහාම විසඳන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු තවදුරටත් කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...