දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදුන් ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් සිලෝන් ප්‍රිමියර් ස්පොර්ට්ස් ලිමිටඩ් ආයතනයට අයත් ගිණුමකට බැරකොට සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන අගෝස්තු 3 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ රොහි ඉබ්‍රාහිම් යන මහත්වරුන් අධිකරණයට පැමිණ සිටියමුත් පළමු වන විත්තිකාර ආචාර්ය නාලක ගොඩහේවා මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එලෙස නඩු විභාගය කල්තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

සිය සේවාදායකයා පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයකට සහභාගී වන බැවින් අධිකරණය හමුවේ පෙනී නොසිටින බව නාලක ගොඩහේවා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කල්ප විදානගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එම නඩුවේ 3 වන සහ 19 වන පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට ලබන අගෝස්තු 3 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමටද විනිසුරුවරයා නියෝග කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More