දේශීය පුවත්

ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීම වළක්වා ගැනීමට තමන් සකස් කර තිබූ විශේෂ ආරක්‍ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අංශයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු දැඩි බලපෑම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මානව හිමිකම් කොමිසම හමුවේ කටඋත්තර ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.

මෙම විශේෂ ආරක්‍ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉඩනොදීම නිසා ගාලුමුවදොර අරගල භූමියේ සිටි පිරිස ප්‍රහාරයට ලක්වූ බවද තෙන්නකෝන් මහතාගේ කටඋත්තරයේ සඳහන්ව ඇති බව ආරංචි මාර්ග පවසයි.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමාට දුරකථනයෙන් කථා කර ගාලුමුවදොර අරගල භූමිය වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙමින් සිටි පිරිසට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නොකරන ලෙස බලපෑම් කළ බවද ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පතිවරයා සඳහන් කර ඇත.

ආරංචි මාර්ග පවසන අන්දමට අරලියගහමන්දිරයේ සිටි පිරිස ගාලුමුවදොර අරගල භූමිය වෙත ගමන් කිරීම වළක්වන ලෙස මුලසිටම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් ලබාදී ඇත.
ජනාධිපතිවරයා දිගින් දිගටම දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙත නියෝග ලබාදෙමින් පවසා ඇත්තේ අරගල භූමිය වෙත මෙම පිරිස පැමිණීම වළක්වා ඔවුන් වෙනත් මාර්ගයක් ඔස්සේ පිටත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව අරලියගහ මන්දිරයෙන් පිටත්වූ පිරිස නවම් මාවත ඔස්සේ යැවීමට දේශබන්ධු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබිණි.

එහෙත් හිටපු නියෝජ්‍ය ඇමැති සනත් නිශාන්ත ඇතුළු විශාල පිරිසක් ගාලු පාර ඔස්සේ මයිනාගෝගම සහ ගෝඨාගෝගම දෙසට ගමන් කර ඇත.

එහිදී දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් එම පිරිස ගාලුමුවදොර පිටිය දෙසට ගමන් කිරීම වැළැක්වීමට දැඩි උත්සහයක් ගෙන තිබිණි.

ජල ප්‍රහාරක රථ සහ කැරලි මර්දන ඒකකයේ කණ්ඩායම් 2 ක් ගෙන්වා මෙම පිරිස ගාලුමුවදොර පිටියට ඇතුළු වීමට පෙර ඔවුන්ට ප්‍රහාර කර විසිරුවා හැරීමට සූදානමින් සිට ඇත.

දේශබන්ධු තෙන්නකෝන් මහතා මානව හිමිකම් කොමිසම හමුවේ ලබාදුන් කටඋත්තරවල සඳහන්ව ඇති අන්දමට සනත් නිශාන්ත මන්ත්‍රීවරයාද පෞද්ගලිකව කථා කර මෙම ක්‍රියාව නොකරන ලෙස උපදෙස් දී තිබේ.
එහෙත් පිරිස නොනවත්වා ගාලුමුවදොර පිටියට ගමන් කරද්දී එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය සූදානම් වී ඇත.

ඒ අවස්ථාවේ ආරක්‍ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකථනයට කථා කර මෙම පිරිස විසුරුවා හැරීමට ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකරන ලෙස නියෝග කර තිබේ.

පොලිසිය මෙම කලහකාරී පිරිස් නතර කිරීමට දැඩි උත්සාහයක නිරතවූ අතර එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. කලහකාරී පිරිස් ගාලුමුවදොර පිටියට ගොස් අරගලකරුවන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කරද්දී තමන් ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවද තෙන්නකෝන් මහතා ලබාදුන් කටඋත්තරයේ සඳහන්ව ඇත.
එහිදී ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර කෙසේ හෝ මෙම ගැටුම පාලනය කර පිරිස් විසුරුවා හැරීමට කටයුතු කරන ලෙසයි.

ගාලුමුවදොර අරගල භූමියේ ගැටුම පවතිද්දී පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළේ ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව බවද තෙන්නකෝන් මහතා ලබාදුන් කටඋත්තරවල සඳහන්ව තිබේ.
divaina.lk
හේමන්ත රන්දුණු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More