දේශීය පුවත්

ඉල්ලුමට සරිලන සැපයුමක් සිදු කිරීමට තරම් නිෂ්පාදනයක් සිදු නොවීම මත ඉන්දියාව තිරිඟු පිටි අපනයනය කිරීම තහනම් කර ඇති බව ඉන්දීය ප්‍රවෘත්ති ආයාතන වාර්තා කර සිටී. ඉන්දියානු රජයේ එම තීරණයත් සමඟම ලෝක වෙළඳපළේ තිරිඟු පිටි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ තිරිඟු පිටි දර්ශකය සියයට 5.9කින් ඉහළ යාමට අදාළ තහනම පිළිබඳව නිවේදනය බලපා ඇති බව පවසන ආර්ථික විශේෂඥයෝ එම මිල ඉහළ යාම මාස දෙකක කාලයක් තුළ තිරිඟු පිටි මිල දර්ශකය මෙතරම් ප්‍රතිශතයකින් ඉහළ ගිය ප්‍රථම අවස්ථාව බවද ඔවුහු පවසති.

මේ වන විට උතුරු ඉන්දියාවේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් තිරිඟු අස්වැන්න විනාශ වී යෑම මෙන්ම යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යෑම ඉන්දීයාවේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ඉන්දීය ගොවියන්ට නොහැකි වී තිබේ. ඒ අනුව රට තුළ තිරිඟු පිටි මිල වාර්තාගත අයුරින් ඉහළ යාමට මෙම තත්වය හේතුවී ඇති බව ඉන්දීය කෘෂි විද්‍යාඥයන්ගේ මතයයි. තිරිඟු පිටි මිල ඉහළ යෑමත් සමගම ඉන්දියාවේ සියළු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ ගොස් ඇති බව එරටින් ලැබෙන වාර්තා වලින් කියවේ. මේ අතර ඉන්දීය රජයේ නිලධාරින් පවසන්නේ තිරිඟු පිටි අපනයනය තහනම් කළද ආහාර හිඟයකට මුහුණ පා ඇති රටවලට හා දැනටමත් තිරිඟු පිටි සැපයීමට අදාළ ලේඛන සපයා ඇති රටවලට තිරිඟු පිටි අපනයනය කිරීම සිදු කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More