පසුගිය 9 වනදා නීතියේ ආධිපත්‍ය බිඳදැමූ සියලු ප්‍රධානීත් වහා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.ඔහු විසින් සිදුකළ සම්පූර්ණ කතාව පහතින්
“9වනදා ඇතිවූ ඒ බිහිසුණු අපරාධකාරී සිදුවීම්වලින් මියගිය, පීඩාවට පත්වූ දරුපවුල් ගැන මගේ දැඩි කනගාටුව පළ කරනවා.
එදා අරලියගහ මන්දිරයේ සෙනඟ රැස් කරනකොට ඔළුව තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඒ ආපු සෙනඟෙන් කිසියම් ප්‍රමාණයක් ගාලු මුවදොර පිටියට යන්න ගියොත් ඇතිවිය හැකි කනගාටුදායක තත්ත්වය මොකක්ද කියලා.හිටපු අගමැතිතුමා ඒ තනතුරෙන් ඉවත්ව යන්න මනස හදාගත්තා නම්, මට තේරෙන්නේ නැහැ අරලියගහ මන්දිරයේ මේ වගේ ගැටුම්කාරී ප්‍රවේශයකට මඟපාදන කතා පවත්වන්න ඉඩ දුන්නේ ඇයි කියලා.අද මේ තියෙන ආර්ථීක ආපදාව මානව ආපදාවක් දක්වා වර්ධනය කරන්න සමහරුන්ට ඕනේ.ගාලු මුවදොරට ගස්සන්න සමහරුන්ට ඕන. ඒක මුල් කරගෙන මැතිඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තියන්න සමහරුන්ට ඕනේ.ඔය ගිනිතියපු අයියලා.. ගහගත්තු අයියලා මේක දැනගෙන.. පුළුල් පින්තූරේ ඔළුවේ තියාගෙන කරා කියලා මම කියන්නේ නැහැ.ගාලු මුවදොර පහරදීමට ගිය සහ උසිගන්වපු සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕනේ.ඒක ආයුධයක් කරගෙන මුළු රටම ගිනිතියපිය කිව්වා.. දැන් ඒ නෝනට අනුව අපේ ගෙවල් ගිනි තිබ්බාම ප්‍රශ්නය විසඳෙනවා ද?.මගේ ගෙදරට මුලින්ම ආවේ 12යි. පොලීසියට නියෝග ලැබිලා මුකුත් කරන්න එපා ඔහේ ඉන්න කියලා.පස්සේ 23ක් ආවා. ගේට්ටුව කඩාගෙන ඇතුළු වෙලා.. මගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන උපකරණ පවා කොල්ලකෑවා.පාස්කු ප්‍රහාරයෙන් ඇතිවූ කම්පනය පිට කරන්න එදා මුජිබර් රහුමාන්ලගේ ගෙවල් හොයාගෙන ආවේ නෑ.මානව හිමිකම් පැත්තෙන් මට ලැබෙන ආරංචි අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට කියලා තියෙනවා ඕවා අයියලා මල්ලිලාගේ ප්‍රශ්න. ඔයා අමාරුවේ වැටෙන්න එපා..ඔයා ශේප් එකේ ඉන්න කියලා. හැම පොලීසියකටම නියෝගය දීලා තිබුණේ ශේප් එකේ ඉන්න කියලා.ගෙවල් ගිනිතියලා අපිව මරන්න ඕනේ නම් මරන්න. හැබැයි මේක යන්නේ ප්ලෑන් එකකට.අමෙරිකානු තානාපති හැම එකටම ට්විටර් දානවානේ. හමුදා දාපු එකටත් දැම්මා නේ. හැබැයි රට පුරාම මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිතියපු එකට ට්විටර් එකක් දැම්මේ නෑනේ. එයා අකමැතියි හමුදාව දාපු එකට..ඇයි ගිනිතැබීම් දිගට දිගට යන්න ඕනේ.අන්න ඒකයි කියන්නේ මේක ප්ලෑන් එකකට යන්නේ කියලා.අදත් කළේ මොකක්ද? සාටකේ දාගත්තු කපුටා…බෙදීම ඇති කළා. නැත්තම් දෙපැත්ත එකතු වෙලා නියෝජ්‍ය කථානායක පත්කරගන්න තිබ්බානේ.ඒ කපුටා තමයි යන යකා කොරහත් බිඳගෙන යන තත්ත්වය ඇති කළේ.අපේ රට ගොදුරක් බවට පත් කරගන්න එකේ චරිත වෙන්න එපා. මං මේ කියන්නේ මේ රටේ සියලුම ජනතාවට.දැන් බලන්න මේ ඔක්කොම අර්බුද මැද්දේ කවුරුවත් නොහිතපු මිනිහෙක් ගත්ත එක.බලන්නකෝ පොට්ට චාන්ස් එකක් නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තේ. ඡන්දෙනුත් පැරදිලා..අවුරුදු එකහමාරක් විතර පාර්ලිමේන්තුවට එන්න බැරුව කෙකර ගගා ඉඳලා..ඔටුන්න වැටිච්ච හැටි.දැන් එක එක්කෙන් අත්අඩංගුවට ගන්නවා. ඒ ගන්නකොට රතු මල්ලිලාගේ තරුණ සංවිධානයේ කට්ටිය පොලිස් මූලස්ථානයට ගිහින් වැරදියි කියලා කියනවා.ඒගොල්ලෝ බයයි දැන් ඒගොල්ලෝ අහු වෙයි කියලා.මට ඕන දෙයක් දරාගන්න පුළුවන්. මගේ දුවයි පුතයි.. පොත් ටික ගිනි තියලා කියලා කියනකොට මං කොහොමද ඒක ආපහු දෙන්නේ.අපේ දරුවෝ ක්ලබ්වල ගිහින් අරේ.. මෙහෙ ගිහින් කවදාවත් අහලා නෑ. ඉතාම සාමාන්‍ය මිනිස්සු විදිහට ජීවත් වෙන්නේ.අනික තෙල් බූලි ගණන් කොහොමද කලින්ම සංවිධානය කරලා තිබ්බේ.අනික 225ම නම් ඔක්කොටම සමානව නෙලන්න එපැයි. එක කොටසක් විතරක් තෝරලා නෙලුවේ ඇයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...