දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ආශ්‍රිතව කඳවුරු බැඳගෙන සිටි අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් නම්කර සිටි සැකකරුවන් අතර ඒ මහතාගේ නම ද සඳහන් විය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලිපියක් මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා යවා ඇත්තේ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් මෙතෙක් හඳුනාගෙන ඇති සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි.

නීතිපති දෙපාර්තමේන්තුව නම් කර ඇති සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක, සංජීව එදිරිමාන්න බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන අයගේ ද නම් සඳහන් කර තිබුණි.

ඒ අනුව එම සැකකරුවන් 22 සම්බන්ධයෙන් ඝෘජු, අවස්ථානුකූල සහ තාක්ෂණික සාක්ෂි ඇත්නම් ඔවුන්ව හැකි ඉක්මනින් අත්අඩංගුවට ගත යුතු බව නීතිපති දෙපාර්තමේන්තුවේ මතයයි.

තවද නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා ඇත්තේ එසේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට එරෙහිව අපරාධ නීති සංග්‍රහය යටතේ නඩු පවරන ලෙසයි.

අදාළ සැකකරුවන් පදිංචි ලිපිනයන්හි සොයා ගැනීමට නැතිනම්, ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවත් එසේම ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා මහෙස්ත්‍රාත්වරයෙක් මගින් විවෘත වරෙන්තු ලබාගත යුතු බවත් අද (16) යොමුකර ඇති එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන අතර එසේ නියමිත ලිපිනයන්හි සොයාගත නොහැකි සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමට මහජන සහාය වුවද ලබාගැනීමට කටයුතු කළ යුතුය.
නීතිපතිවරයා නම් කර ඇති සැකකරුවන් පහත පරිදිය, පා.ම ජොන්ස්ටන් ප්‍රනාන්දු, පා.ම සනත් නිශාන්ත, පා.ම සංජීව එදිරිමාන්න, පා.ම මිලාන් ජයතිලක, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්, ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම, නාලක විජේසිංහ, බන්දුල ජයමාන්න, දිනෙත් ගීතක, සමන්ලාල් ප්‍රනාන්දු, අරාබි වසන්ත, සුභාෂ් (දෙහිවල නගර සභාව), අමල් සිල්වා, සමීර චතුරංග ආරියරත්න, රුවන් වැල්ලේ රමණී, තුෂිත රණබාහු, සජිත් සාරංග, පුෂ්පලාල් කුමාරසිංහ, නිශාන්ත මෙන්ඩිස්, පුෂ්පකුමාර (හිටපු හමුදා සෙබළ) සහ සවීන් ප්‍රනාන්දු (වෙන්නප්පුව).



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More