පුරවැසි කොලම

රනිල්ට පුළුවන් ද?

May 17, 2022 12:24 pm | Lanka Lead News

“රනිල් මහත්තයාට මේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න පුළුවන්” කියලා සමහරු කියනවා. ඒත් මට නම් ඒ ගැන විශ්වාසයක් නෑ.
ආණ්ඩුව මැදිහත් වෙලා කරන ආර්ථික කළමනාකරණයේ වැරැද්ද රනිල් මහත්තයා දන්නවා. ඒත් කර උඩ තියාගෙන ඉන්න මහා බර ආණ්ඩුව විසින් පවරන්න ඕන කාට ද, කොහොම ද කියලා රනිල් මහත්තයා දන්නේ නෑ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය කාට හරි පවරන එක නම් ඒ මහත්තයා ඉක්මනින් කරයි. එහෙම වැඩකට මහා සමාජ විරෝධයක් එල්ලවෙන්නේ නෑ. ඒත් ඒක එක පුංචි පියවරක් විතරයි. උඩ තලයේ කරන මේ වැඩ තාවකාලිකයි.

දැන් තියෙන්නේ ආධාර ඇරගෙන විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. සුනාමියක්, ගංවතුරක් ඇතිවෙච්ච වෙලාවට නම් ආධාර ප්‍රයෝජනවත්. ඒත් දැන් තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. “අපේ වාහනවලට තෙල් ගහන්න අපිට ආධාර කරන්න” කියලා කියන්න පුළුවන් ද? ඉතින් මේ ආධාර හීනය හරි යන වැඩක් නෙවෙයි.

⁣ආර්ථික ප්‍රතිසංස්කරණ පටන්ගන්න ඕන බිම ඉඳලා. එහෙම දෙයක් ගැන රනිල් මහත්තයා දන්නේ නෑ. දැනගත්තත් එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න රනිල් මහත්තයාට බෑ.
තව සතියක් ඇතුළත මිනිස්සු කලබල කරන්නේ කන්න නැතුව. මෙහෙම වෙන්නේ රටේ කෑම නැති හින්දා නෙවෙයි. ඩීසල් නැති හින්දා. තියෙන කෑම ප්‍රවාහනය කරන්න බැරිවෙන හින්දා.
අපේ මිනිස්සුන්ට බඩගින්නේ ඉඳලා පුරුදු නෑ. අම්මා මුත්තා කාලෙවත් එහෙම අත්දැකීමක් ලැබිලා නෑ. ඉතින් ඇතිවෙන කලබලය මහ විනාශකාරී එකක් වෙන්නත් ඉඩ තියෙනවා.
මේ ගැන හිතන පාටක් පේන්නත් නෑ. මට නම් හරි ම බයයි. ඒ වගේ ම, දුකයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More