පුරවැසි කොලම

මාස 18කට වඩා රජයෙන් රුපියලක් හෝ ලබා නොගෙන මෙහෙයුම් ලාභ ලැබූ ශ්‍රී ලංකන් එයාර් ලයින් වෙන්දේසියේ විකුණන බව A350-900 යානා ගණූදෙනූව චූටි SMS එකකින් තම ගෝලයන්ගේ පොකටි එක තර කරන සේ උන් ලවා කැන්සල් කරමින් එම ගුවන් සේවයේ බල නහරයට පිහියෙන් ඇන්න අගමැති විකුණුම්සිංහ තෙමේම කලිසමක් ඇඳගෙනම කීවේය..

ශ්‍රීලංකන් ඇනුවල් රිපෝට් එකක් වත් අඩුම තරමේ කියවා නොමැති ගුවන් සමාගම් සම්බන්ධයෙන් කෙල පැමිණි මගේ ලිස්ට් එකේ ඉන්න ඇති බහුතරය වික්‍රමසිංහ ශ්‍රීමතාණන් පට්ට බවත් මේවා අනිවාර්යයෙන්ම විකිණිය යුතු බවත් කියනු පෙනුනි.. ජයවේවා..

අනේ මට නම් ගුවන් සේවයේ පුද්ගලික කොටස් නැත.. විකුණං කෑවත් නොකෑවත් මට හම්බවෙන නැති වන ලබු කැටයක් නැත.. අතට අහුවෙන තුන හතර විකුණං කෑම මේ අර්බුදයට විසඳුම සේ හිතන අය අම්බානක ඉන්න නිසා එයාලගෙ ආතල් එකට උදලු නොදා වවුලගෙ ගෙදර ආවා සේ සිතා එල්ලී සිටීමට මමද ඉතා සතුටින් තීරණය කලෙම්..

ශ්‍රීලංකන් ගූවන් සේවය විකුණං කෑමට හුරේ දමන එයාර්පෝට් ඒවිඒශන්, වරාය අධිකාරිය, ලංවිම, සිපෙට්කෝ, ජාජසජපම සේවකයිනි.. උඹලත් සූදානමින් සිටින්න.. පුද්ගලිකව මට විදුලි බිල ජල බිල ලක්ෂ භාගයක් උනත් කම් නැත.. හැබැයි කොටියා තොපි සොයා ආ විට අපිද මීක් කියන්නේ නැත.. ඒක බොහොම හොඳින් මතක තියා ගනිල්ලා හොදේ..

ඉතුරු වී ඇති රාජ්‍ය සම්පත් හොද කොමිස් මුදලක් ද සාක්කූවේ දමා ගෙන විකිණීම මේ ආර්ථික අර්බුදයට විසඳුම යැයි සිතන ඉකොනොමික්ස් පඬිතුමන්ලාගේ පිහිටයි උඹලා ඔක්කොටම..

එහෙම ගොඩ යන ආකාරය පැත්තකට වී බලා සිටිමි.. ජයෙන් ජයම වේවා..
ආයුබෝවන් ශ්‍රීලංකන්…🙏🙏
(ඒ කාලෙ කැහිල්ලට හොයලා දාපු පෝස්ට් එකක ලින්ක් එකක් පහළ ඇති.. කැමති එවුන් බලපල්ලා.. ආයෙ නම් කාලෙ කකා එහෙම ගොංකම් කරන්න අදහසක් නම් නැත.. ජයම වේවා..)
ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය පඩු වූ හැටි.. නොකී කථාව..
https://www.facebook.com/wishwa.chinthana/posts/1612271852136791
Wishwa Chinthana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More