අන්තර්කාලීන හෝ ජාතික එකඟතා ආණ්ඩුව යෝජනාවට අදාළ සාකච්ඡා කඩාකප්පල් වීමට හේතුව කුමක්දැයි ලංකා ලීඩ් පුවත් අඩවිය විසින් ඊට දායක වූ විවිධ පාර්ශව වලින් ප්‍රශ්න කරනු ලැබීය. ඉදිරියේදී නමින්ම තම චෝදනා එල්ල කරන බවට වූ එකඟතාවය මත අද දිනයේ නිර්නාමිකව සත්‍යය පවසන බවට සහතික කළ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙසේ ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැති සිහිනය සහ ඇමති ලෝභය නිසා විවිධ කොන්දේසි දමා එම සාකච්ඡා කඩා කප්පල් කළා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂට අගමැතිකම පමණක් ලබා දී සෙසු රාජපක්ෂලා සියලු දෙනා ආණ්ඩුවෙන් ඉවත් කළත් ඔවුන් දිගටම මහින්ද එල විය යුතු බව බවට කොන්දේසියක් දැමුවා. ඉන් පසුව ඔවුන් රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යය ධූර භාර ගැනීම සඳහා කිසිදු කොන්දේසියක් නැතිව එකඟ වුනා.සමහර අයට මහින්ද නැති කර පක්ෂය ශක්තිමත් කර ගැනීම සහ අගමැතිකම ලබා ගැනීමේ උවමනාවක් තිබුණා. 21 වන ව්‍යයවස්ථා සංශෝධන මර උගුල පක්ෂ 11 සාකච්ඡාවලට ගෙනාවෙත් ඔවුන්. අනෙක් පක්ෂ ඊට යටවීම වරදක් තමයි. අනාගතයේදී ඒ පිළිබඳව විනිශ්චය ලැබෙයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...