කලහකාරී පිරිස් ගාලු මුවදොර පිට්යට පැමිණීම වැලැක්වීම සදහා ජනාධිපතිවරයා විසින් තමන්ට උපදෙස් ලබා දී තිබූ බව බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
පසුගිය 09 වන දා ගාලු මුවදොර පිටියේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පවසා ඇත.
සිද්ධිය පිලිබද ප්‍රකෘශයක් ලබා දීම සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය සිකුරාදා එම කොම්සන් සභාව වෙත කැදවා තිබුණා.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජනාධිපතිවරයා ගෙ උපදෙස් මත තමන් අවශ්‍ය ප්‍රමාණයට පොලීසිය සහ විශේෂ කාර්‍යයය බලකාය කැදවා තිබූ බවත් ජල ප්‍රහාරක රථ දෙකක් සහ කදුලු ගෑස් එල්ලකරනු ලබන නිලධාරීන් ද සමගින් දෙසීයකට අධික පොලිස් භට පිරිසක් සමග ගාලු මුවදොර වටරවුමේ සිටි නමුත් අවසාන මොහොතේදී බලධාරීන් දෙදෙනෙකු ජනපතිවරයා කුමන උපදෙසක් ලබාදුන්නද කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස තමාට හා එහි සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට කථා කොට බලපෑම් කල බවත් ඒ සම්බන්ධයෙන් තමා දැක්වූ ප්‍රතිචාරය එම අවස්ථාවේ රාජකාරියේ නිරත නිලධාරීන් දන්නා බවත් ඔහු කොමිසම හමුවේ පැවසූ බව ආරංචි මාර්ග තහවුරු කරයි.
ඒ සමගම කලහකාරී පිරිස බලහත්කාරයෙන් පොලිස් නිලධාරීන් ඉවත්කරමින් ගාලුමුවදොර පිටියට ඇතුලු වූ බවත් තමා ජනපතිවරයාට තත්ත්වය පවසා ඉහත බලධාරීන් දෙදෙනා තමාට බලපෑම් කරන බව දැන්වූ බවත් ඔහු ප්‍රකාශ කලා.
එම අවස්ථාවේදී බලධාරීන්ගේ බලපෑම් නොතකා කඩිනමින් පිරිස විසිරුවා හැරීමට තමන්ට ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් අනුව තමා විසින් කලහකාරීන් වෙත ජල ප්‍රහාර, කඳුලු ගෑස් මෙන්ම බැටන් ප්‍රහාර එල්ල කොට පිරිස විසුරුවා හැරීමෙන් සිදුවීමට තිබූ මහත් විනාශයක් අවම කිරීමට හැකි වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇති බව දැනගැනීමට ඇත.
තවද එම විසිරවීම හේතුවෙන් එම අවස්ථාව වනවිට ගෝඨා ගෝ ගම තුල තිබූ ඉදිකිරීම් 186 න් 26 කට පමණක් එම සිද්ධියෙන් හානි සිදුවූ බවත් ගෝඨා ගෝ ගම රැදී සිටි පුද්ගලයින් 400 වැඩි ප්‍රමාණයකගෙන් 43 දෙනෙකුට පමණක් සුලු තුවාල සිදුවූ බවටත් කොමිසම හමුවේ අනාවරණය වී ඇති බව දැනගැනීමට ඇත.
ඉකුත් 09 වන දින සිද්ධිය සිදුවූ මුල් අවස්ථාවේම මෙම බලධාරීන් දෙදෙනා තමාට කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කිරීමට බාධා නොකළේ නම් මෙම ව්‍යසනය සිදු නොවන බව ඔහු විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.
ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලේඛන මානව හිමිකම් කොමිසමට ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සැලැස්ම යටතේ රාජකාරී යෙදවූ ඕනෑම කනිෂ්ඨ හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කැදවා ඒ පිළිබඳව විමසන ලෙස කොමිසමෙන් ඉල්ලා ඇත.
ඔහු විසින් ඉහත කරුණු සනාථ කිරීමට අවශ්‍ය තාක්ෂණික වාර්තා කිහිපයක්ද මානව හිමිකම් කොමිසම වෙත එම අවස්ථාවවේදී භාර දී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...