ජල විදුලි බලාගාර මගින් සියයට සියයක් විදුලිය නිපද වුවත් රට තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා තාප බලාගාර ද ක්‍රියාත්මක කළ යුතු බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා ‘පැවසීය.
රටේ උපරිම විදුලිය ඉල්ලුම මෙගාවොට් 2700-2800 වුවත් ජල විදුලිය, ගල්අඟුරු, සූර්ය, සුළං බලාගාරවලින් උපරිම නිෂ්පාදනය කළ හැක්කේ මෙගාවොට් 2350 ක් පමණ බව ද ඔහු සඳහන් කළේය. කුකුළේ ගඟ, කාසල්රි, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, මාවුස්සා කැලේ ඇතුළු සියලුම ජල විදුලි බලාගාරවලින් විදුලිය නිපදවිය හැකි උපරිමය මෙගාවොට් 1300 ක් බවත්, නොරොච්චෝල (ගල්අඟුරු යන්ත්‍ර තුනම) මෙගාවොට් 900 ක්, සුළං, සූර්ය මෙගාවොට් 150 ක් මගින් නිපදවිය හැක්කේ මෙගාවොට් 2350 ක් වැනි ප්‍රමාණයක් බවත් ඔහු කීය. සුළං සහ සූර්ය බලාගාරවලින් නිපදවන මෙගාවොට් ප්‍රමාණය දේශගුණය අනුව වෙනස් වන බව ද ඔහු පැවසීය.
මේ අනුව හිඟ වන මෙගාවොට් ප්‍රමාණය තාප බලාගාරවලින් ලබා ගැනීමට සිදුවන බවත් එම ප්‍රමාණය ජල විදුලිය අඩු වනවිට වැඩි පිරිවැයක් දරා තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ඔහු පැවසීය.. කුකුළේ ගඟ, කැනියන්, ලක්ෂපාන, නෝටන්බි්‍රජ් වැනි ජලාශවලින් උපරිම ජල විදුලිය ලබා ගැනීමකින් තොරව ජලාශ උතුරා යන බව ඇතැමුන් පවසන බවත්, එම ජලාශවලින් එසේ ජලය පිටව යන්නේ උපරිම ජල විදුලිය නිපදවීමෙන් පසුව බවත් ඒ මහතා කියා සිටියේය. නෝටන්බ්‍රිජ් මෙගාවොට් 50 ක්, කුකුළේ ගඟ මෙගාවොට් 120 ක්, කැනියොන් මෙගාවොට් 100 ක්, ලක්ෂපාන මෙගාවොට් 75 ක් ලෙස උපරිමයෙන් ජල විදුලිය නිපදවිය හැකි බවත්, එම ජලාශවල වපසරිය කුඩා වීම නිසා උපරිමයෙන් ජල විදුලිය නිපදවීමක් සිදු කළත් උතුරා යෑම සිදුවන බවත් ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...