ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ මීට පෙර ප්‍රකාශයට පත් කර තිබූ ඇඳිරි නීතිය කාලසීමාව සංශෝධනය කර ඇති බවයි.
ඒ අනුව අද රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇති අතර එය හෙට (17) අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි වගන්තියේ විධිවිධාන අනුව අද (16) රාත්‍රි 11.00 සිට හෙට අලුයම 05:00 දක්වා ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුළ බලයලත් නිලධාරියෙකු විසින් ලබා දෙන ලිඛිත බලපත්‍රයක් යටතේ හැර කිසිදු පුද්ගලයෙකුට පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු විනෝදාත්මක භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ මුහුදු වෙරළේ සිටීමට අවසර නැත.
අද පස්වරු 8.00 සිට ඇඳිරි නීතිය පනවන බව මීට පෙර නිවේදනය කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...