පුරවැසි කොලම

ඔව්…හැම දේම නොවුනත් බොහෝ දේ ඇත්තය. සමහරුන්ට තිත්ත වුනත් ඇත්ත එයය.එය සනාථ කරන්න උදාහරණ බොහෝ තිබේ.ආපස්සට ගියහොත් ජවිපෙ,එජාපය එකතු වී 2008 දි මහින්ද මහතාගේ ආණ්ඩුව පරද්දන්න හදනාවිට ජානිපෙ මන්ත්‍රීවරු සියලු දෙනා එකතු වී ආණ්ඩුව ආරක්ෂා කළ ආකාරය,සීපා ආදී ගිවිසුම් පරාජය කිරීමට ගත් වෙහෙස ආදී බොහෝ දේ තිබේ. එපමණ දුර නොයා මෑත ඉතිහාසය කියවා ගත්තද එය පහසුවෙන් තේරුම් ගත හැක.

✓ බොහෝ අයට මතක නැති වූවාට වැඩිකල් නොගිහින් ම ආර්ථිකය මේ මට්ටමට පත්වෙයි කියා විමල් කිව්වේ කවදාද? ඔය ගහන්නේ පී.බී ට ,එයත් එක්ක තරහක් ඇති ඒකයි කියල බොහෝ දෙනා තමන්ගේ වාසියට ඒක නොසලකා හැරිය.
✓ 2015 මහින්ද මහතාගේ පරාජයට වගකිව යුත්තේ බැසිල් රාජපක්ෂ බව කියන්නට කොන්දක් නොමැතිව හැමෝම ගල්ගිල්ලා සේ ඉදිද්දි විමල් බය නැතිව එය හෙළිදරව් කළේය.
✓. මෙලෙස ගියොත් දහස් ගනනින් පාරට බැස, එකිනෙකා මරාගන්න තත්වයකට රට පත්ව, අරාබි වසන්තයක් රට තුළ පැනනගිනු ඇතැයි ද එවන් තැනකට රට තල්ලු කිරීමෙන් වළකින්න යැයිද විමල් කිව්වේ බොහෝ කලකට පෙර සිටය. 2012 නොවැම්බර් මස 26 වෙනි දින වීර කැප්පෙටිපොළ සමරුවේ ප්‍රධාන දේශනය කරමින් වැඩිදුරටත් ඔහු මේ බව තහවුරු කළේය.

තව කියන්න උදාහරණ ඕනිතරම් ඇත.විමල්ට මේ හැම දෙයක්ම කලින් කියන්න විශේෂ බලයක් ඔහු සතුව නැත. සිදුවන සියලු සිදුවීම් එකින් එක නිවැරදිව විග්‍රහ කර ගනිමින්, අතීත අත්දැකීම් සමග ගලපා ගනිමින්, අපේ රට ගිලගන්න බලාගෙන සිටිනා රටවල්වල උවමනාවට සමපාත වෙන්නේ කෙසේ දැයි කිරා මැන බලමින්, පැමිනෙන අනතුර වේලාසනින්ම දකින්නට තරම් වූ දේශපාලන සවිඥානික බවක් ඔහු සතුය.
යහපාලනය හරහා වැටී තිබූ ප්‍රපාතයෙන් රට ගොඩ ගන්නට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන්නට ජානිපෙ තීරණය කරන්නේ හුදෙක් පුද්ගලයෙක් මත තැබූ විශ්වාසයක් මත නොවේ. දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ සාක්ෂි සනිටුහන් කරමින් රට ගොඩනගන්න ඇවැසි වැඩපිළිවෙළක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔහු අතට පත් කරන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම කළ මොහොතේදීමය. එහෙත් සිදු වූයේ වෙනකකි. යහමග වෙනුවට ඔහු තෝරා ගත්තේ වෙනත් මගකි.

✓ ඔහුගේ උපදේශකයා,සමීපතමයා වූයේ ද බැසිල් රාජපක්ෂමය.
✓ ඔහු බලයට ගෙන ඒමට දායක වූ ජාතික බලවේග, දේශපාලන පක්ෂ, තරුණ ප්‍රජාවගේ බලාපොරොත්තු අලුයම ඉවතලූ කෙලපිඩක් මෙන් ඉවතට විසි විය. ඉන් මෙපිට සිදුවූ දේවළ් පිළිබඳව විග්‍රහ කිරීමට ඇවැසි නැත.
✓ රටේ සම්පත් විකිණීම ආරම්භ විය.
✓ කැබිනට්ටුව තුළ කතා නොකළ දේ පවා අනුමත වූවායැයි සලකා ක්‍රියාත්මක විය.
✓ හවුල්කාර පක්ෂ නීතියේ පිහිට පැතීය. දිගින් දිගටම පහර පිට පහර එල්ල විය.
✓ ඒ අතර සල්ගාදු පිටියට එකතුවූ අන්තගාමී පොහොට්ටුවාදියෝ ඉරිගසා වෙන්කර හවුල්කාර පක්ෂ ඉරෙන් පහලට තල්ලු කර දමන ලදි.
✓ සියල්ල එසේ වෙද්දීත් උත්සාහය අත නොහැර පක්ෂ 11 විසින් වැටී ඇති රට ගොඩනගන්න ට වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ මාර්තු 02වෙනිදාය. ඒ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව එක්ව ක්‍රියාත්මක කළ යුතු කෙටිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළකි.
✓ එහි ලියැවී තිබුනේ මොනවාද කියාත් නොබලාම,එය එලිදක්වා පැය විසිහතරක් යන්නටත් පෙර අවසානයේ එය විසිකර දැමුවේ විමල් සහ උදය ඇමතිකම්වලින් ද පලවා හරිමිනි. ඒ බයේ කට වසාගෙන නොසිට රට මේ තත්වයට ඇද දමන්නට දායක වූ සියලුදෙනා විවේචනය කළ වරදටය.
✓ විමල් එදා එසේ කතා කළේ අන් කිසිවක් නිසා නොව අප වගකිව යුත්තේ රටට,ජනතාවට මිස වෙනත් පෞද්ගලික වාසි, වරප්‍රසාද වෙනුවෙන් නොවන නිසාය.
✓ ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව නිවැරදි මගට ගන්නට ගත් අවසාන උත්සාහය ද අසාර්ථක විය.
දැන් බොහෝ දේට මුල විමල් බව පැහැදිලි ය.රට නිවැරදි මගට ගන්නට උත්සාහ කළේ ඔහුය. ජනාධිපති, අගමැති එක්ව මාර්තු 2 වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට මැදිහත් වූවානම් අදද මහින්ද රාජපක්ෂ අගමැති ය. එහෙත් තමන්ගේ පෞද්ගලික, පටු උවමනාවන් සහ මුදල් හම්බ කිරීමේ අසීමිත උවමනාව මත සිටින වන්දිභට්ටයන් රැසක් වටකරගෙන සිටින තත්වයක් තුළ කුමන ජනාධිපතිවරයෙක් වුවද කුමන අගමැතිවරයෙක් වුවද වැටෙන්නේ එම කැද හැලිය තුළටම ය.
✓ විමල් කියූ ලෙසම අවසාන වතාවට හෝ රට ගොඩනගන්නට ඇවැසි වැඩපිළිවෙළක් සමග ක්‍රියාත්මක වූවානම් මහින්ද රාජපක්ෂ මහතා අදත් අගමැතිය.
එසේ වූවානම්,
✓ අරගල කරුවන්ට සටන්පාඨ ලැබෙන්නේ නැත.
✓අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට බලා සිටිනා බලලෝභි,පටු පරමාර්ථ සහිත දේශපාලන පක්ෂ අවස්ථා අත්පත් කරගන්නේ නැත.
✓රට පාවාදී හෝ මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් ක්‍රියාත්මක වන NGO වලට අවස්ථා නිර්මාණය වන්නේ නැත.

මේ මඩ ගසන්නේ තම පටු උවමනාවන් ඉටු කරගැනීමට නොහැකි වූ,තම පෞද්ගලික සැලසුම් අසාර්ථක වීමෙන් වියරු වැටුනු පිරිස්ය. තම අතපසුවීම් පිලිබද කනගාටු නොවී තවෙකෙකුගේ මත වරද පටවන්නට බලා සිටින පිරිසට අනතුර කලින්ම දුටු විමල් ද්‍රෝහියෙකි. ඔවුන්ට අනුව සියල්ල කළේ විමල් ය.
Priyanga Kothalawala



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More