පසුගිය 09 වනදා කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට එල්ල වන ප්‍රහාරය පාලනය කිරීම සඳහා තමන් සකසා තිබූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශයේ ඉහළ බලධාරීන් දෙදෙනකු ඉඩ නොදුන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇති බව වාර්තා වනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා මානව හිමිකම් කොමිසම ඉදිරියේ දී මේ කරුණු අනාවරණය කළ බවයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබෙන්නේ.
තමන් අවශ්‍ය ප්‍රමාණයට පොලීසිය සහ විශේෂ කාර්‍යයය බලකාය කැඳවා තිබූ බවත්, ජල විඳින රථ දෙකක්, කදුලු ගෑස් ඇතුළු කැරලි මර්දන නිලධාරීන් දෙසීයකට අධික පිරිසක් ගාලු මුවදොරට කැඳවා තිබූ නමුත් අවසාන මොහොතේදීත් ඉහත බලධාරීන් දෙදෙනා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස තමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට බලපෑම් කළ බවත් ඔහු මෙහිදී හෙළි කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...