දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවට එක්වනවාද නැද්ද සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී පක්ෂය තුල උග්‍ර මත ගැටුම් ඇතිවී ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්‍ෂ නායකත්වයට තර්ජනය කරමින් කියා සිටින්නේ තමන් පක්‍ෂය කැමති වුණත් නැතත් ආණ්ඩුවට එක් වන බවයි..
පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසන් වරට රැස්වූ අවස්ථාවේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වයට කුණුහරුපෙන් බැන වැදී ඇති බවද වාර්තා වෙයි.

ආණ්ඩුවට යා යුතු බව දැඩිව කියා සිටින මන්ත්‍රීවරුන් වන්නේ නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් බවද වාර්තාවේ.
මෙම පිරිස දැනටමත් අමාත්‍ය ධූර සඳහා යෝජනා වී ඇතැයිද වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය යෝජනා කර ඇත්තේ ආණ්ඩුව අස්ථාවර නොකර ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් වලට සහයෝගය දීම විපක්ෂයේ සිට කළ හැකි බවත් එය පක්‍ෂයේ ස්ථාවරය වන බවයි. නමුත් ඉහත කී මන්ත්‍රීවරු පිරිස යෝජනා කර ඇත්තේ කෙසේ හෝ ආණ්ඩුවට ගොස් අමාත්‍යධූරයක් භාරගෙන රටට වැඩි වැඩියෙන් සේවය කළ යුතු බවයි.

අද දිනයේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නිය්මිත අතර එය දැඩි උණුසුම් ස්වරූපයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහසි පක්ෂ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More