රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව ජනතාව කියන දේ ආණ්ඩුවට ඇහෙන්නෙ නැත්නම් ඇහෙන විදියට කියන්න අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යය බලමණ්ඩලය විදියට ගතයුතු හොඳම ක්‍රියාමාර්ගත් එක්ක මැදිහත් වන බව එහි කැඳවුමකරු වසන්ත මුදලිගේ පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
එහි වැඩිදුරටත් මෙසේ සඳහන්ය ….
“…. පාර්ලිමේන්තුව අසල අපි ඒ ක්‍රියාමාර්ගය තේරුවේ ජනතා මතය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා. තවදුරටත් අපි විශ්වාස කරන්නෙ මේ පාර්ලිමේන්තුව ඇතුළේ රටේ ජනතාවගේ ප්‍රශ්නය කතා වෙන්නෙ නෑ කියල. ඉතින් එහෙම නැති තාක් අපිට සිද්ධ වෙනවා මේ රටේ අම්මා තාත්තගේ ප්‍රශ්නය අරගෙන පාර්ලිමේන්තුව අසල ක්‍රියාමාර්ගවලට යන්න. අපි ලෑස්තියි ඒ ප්‍රශ්න අරගෙන අගමැතිගේ ගෙදරටත් යන්න. අපි ලෑස්තියි රටේ ජනාධිපති දැන් ඉන්න තැනටත් යන්න. ඉතින් රටේ ජනතාවගේ ප්‍රශ්න ජනතාව කියන දේ ඇහෙන්නෙ නැත්නම් ඇහෙන විදියට කියන්න අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යය බලමණ්ඩලය විදියට ගතයුතු හොඳම ක්‍රියාමාර්ගත් එක්ක මැදිහත් වෙනවා…”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...