දේශීය පුවත්

පසුගියදා ඇතිවූ කලහාකාරී සිදුවීම ද අනුරාධපුරයේ පිහිටි තමන්ගේ කාර්යාලයට හා නිවසට ගිනි තැබීමේ අවස්ථාවට කතෝලික පූජකවරයෙක් සහභාගි වූ බව හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව හෙලි කරයි.
එම සම්පූර්ණ සටහන මෙසේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ නිවාස සහ කාර්යාල පසුගිය සඳුදා සහ අඟහරුවාදා මිලේච්ජ මැරයන්ගේ ප්‍රහාරයට ලක් විය. එම මැරයන්ට රැකවරණය සැපයූ බොහෝ දෙනා පැවසුවේ එකී නිවාස සහ කාර්යාල අප විසින්ම ගිනි තබා ගන්නා ලද බවයි. මෙහි දැක්වෙන්නේ අනුරාධපුර මාගේ කාර්යාලයට මැර ත්‍රාඩයන් පහර දෙන ආකාරයයි. අනුරාධපුර නව නගරයේ රැස් වී පෙර සුදානමකට අනුව සැලසුම් සහගතව ස්ථාන ගණනාවක් ඔවුහු ගිනිබත් කළහ. මේ සඳහා පැමිණි අය මෙන්ම බෝධිසත්ව මුහුණු පෙන්වා ගෙන ඒ සඳහා උල්පන්දම් දුන් අය ද හෙළි වෙමින් පවතී. ඒ ගැන වැඩි විස්තර දන්නේ නම් කරුණාකර inbox කරන්න.
මෙහි දැක්වෙන CCTV දර්ශන මේ වන විටත් පොලිස්පතිවරයාට යොමු කර ඇත. ඔහුට මේ ගැන සොයා බැලීමට ඇත්තටම උවමනාවක් වේ නම් අනුරාධපුරයේ කතෝලික පුජකයන් සැහෙන පිරිසක් නැති නිසා ඒ සඳහා සහභාගී වූ තරුණ පුජකයා හඳුනා ගැනීමෙන් ඉතිරි අයද පහසුවෙන්ම හඳුනා ගත හැකි බව දන්වා යැවුයෙමි.
අනුරාධපුරයේ ගිනිබත් කළ මේ ස්ථාන සියල්ලටම මීට සති 5 කට පෙර ද (මිරිහානේ සිද්ධියට පසු දින) පහර දීමට ලක් විය. සඳුදා ගාලුමුවදොර සිද්ධියෙන් පසු ඇති වූ කුපිත වීම් නිසා ගිනි තැබීම් කලේ නම් ඊට සති 5කට පෙර එම ස්ථානම ප්‍රහාරයට ලක් වුයේ කෙලෙසද? අනුරධපුරයේනම් මේ අවස්ථා 2 ටම සහභාගී වී ඇත්තේ සහ උල්පන්දම් දී ඇත්තේ එකම කණ්ඩායමක් බව දැනට හෙළි වී ඇති තොරතුරුවලින් සනාථ වේ. මේ සියලු දෙනාට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කල යුතුය.
(බොහෝ දෙනා විමසන්නේ මේ මගේ නිවසද යනුවෙන්ය. මට අනුරාධපුරයේ නිවෙසක් නැත. ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට සති කිහිපයක සිට ගොතා ප්‍රචාරය කල පරිදි මන්දිර, හෝටල්, විලා ද නැත).



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More