සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවන් පෑම යන අසිරිමත් තෙමඟුල ස්දු වූ සමස්ත ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යේදී තිබේ.
වෙසක් පොහොය දිනය බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සේ ම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක් හිමිවන පොහොය දිනයකි.
බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු බුදුරදුන් කිඹුල්වත්පුරයට වැඩමවීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හතළිහකට පසු උපතින් එකසිය විසිවැනි වියේ දී පිරිනිවන්පෑම බුද්ධ චරිතය සම්බන්ධයෙන් හැදෑරීමේදි අපට හමුවන වැදගත් කාරනා අතරවේ. බුදුන් වහන්සේ , විජය කුමරු ප්‍රමුඛ පිරිවර ලක්දිවට සැපත්වීම, ධර්මාශෝක අධිරාජයාගේ ඇරයුමෙන් දේවානම්පියතිස්ස රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑයේ ඉදි කිරීමේ කටයුතු ඇරඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධව අනුස්මරණය කෙරෙන ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් වන වැදගත් සිදුවීම්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...