දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කොටස්කරුවන් නොවන බවත් කිසිදු ඇමැති ධුරයක් හෝ වෙනත් තනතුරක් භාර නොගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්‍ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයන් සියලු දෙනා එක්ව සිදුකළ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ඇමැති ධුර ලබාගැනීම හෝ එහි කොටස්කරුවන් නොවිය යුතු බව තීරණය කළ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් රටේ පවතින දැවෙන ප්‍රශ්න වන ගෑස්” ඉන්ධන” විදුලිය” ඖෂධ වැනි ප්‍රශ්න විසඳීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ගන්නා ජනතාවාදී තීන්දු” තීරණවලට සහය ලබාදීමට කටයුතු කරන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More