විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය භාරගැනීමට කල් මරා පසුව කැමැත්ත පළකිරීම මනාලිය පෝරුවට නැග පෝරුවේ චාරිත්‍ර ඉටු කරද්දි ඇයට කැමැති යැයි පවසා ලියුමක් යැවීම හා සමාන කටයුත්තක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය කරන ළපටි පරිණත නොවන දේශපාලනය මඟින් රට තුළ පවතින ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව කී හෙතෙම ඔහු ගැන කතා කර වැඩක් නැතැයිද කීවේය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරීම රාජපක්ෂ පවුලේ ඉදිරි සැලසුමක එක පියවරක් බවත් එය ‘උඩින් රනිල් යටින් බැසිල්. වැනි ආකාරයේ කූට කටයුත්තක් බවත් හෙතෙම චෝදනා කළේය.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...