දේශීය පුවත්

රටේ පවතින බරපතළම අර්බුද වන ඉන්ධන” ඖෂධ” අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පොහොර ලබාදීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් සොයා බලා වහාම වාර්තාවක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පස්දෙනකු පත්කර ඇත.

ඒ අනුව පවතින ප්‍රධානම අර්බුදයන්ගෙන් එකක් වන ඉන්ධන සහ ගෑස් සැපයීම සම්බන්ධව පවතින ගැටලු සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාගැනීම පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා ගැනීමට පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක මහතා පත්කර ඇත.

ඖෂධ හිඟය සම්බන්ධව සොයා බැලීමට හිටපු අමාත්‍යවරයකු වන රුවන් විජේවර්ධන මහතාත්” කිරිපිටි” සීනි” සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීම සහ ඒවා හිඟයකින් තොරව බෙදාහැරීම සම්බන්ධව සොයා බැලීමට වජිර අබේවර්ධන සහ පාලිත රංගෙ බණ්ඩාර යන හිටපු අමාත්‍යවරුත්” රසායනික පොහොර සම්බන්ධ ගැටලු සොයා බැලීමට හිටපු අමාත්‍යවරයකු වන අකිල විරාජ් කාරියවසම් මහතාත් පත්කර ඇත.

දින තුනක් ඇතුළත මෙම ගැටලු සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම පිරිසට උපදෙස් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More