රටේ පවතින බරපතළම අර්බුද වන ඉන්ධන” ඖෂධ” අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පොහොර ලබාදීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් සොයා බලා වහාම වාර්තාවක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පස්දෙනකු පත්කර ඇත.
ඒ අනුව පවතින ප්‍රධානම අර්බුදයන්ගෙන් එකක් වන ඉන්ධන සහ ගෑස් සැපයීම සම්බන්ධව පවතින ගැටලු සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාගැනීම පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා ගැනීමට පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක මහතා පත්කර ඇත.
ඖෂධ හිඟය සම්බන්ධව සොයා බැලීමට හිටපු අමාත්‍යවරයකු වන රුවන් විජේවර්ධන මහතාත්” කිරිපිටි” සීනි” සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීම සහ ඒවා හිඟයකින් තොරව බෙදාහැරීම සම්බන්ධව සොයා බැලීමට වජිර අබේවර්ධන සහ පාලිත රංගෙ බණ්ඩාර යන හිටපු අමාත්‍යවරුත්” රසායනික පොහොර සම්බන්ධ ගැටලු සොයා බැලීමට හිටපු අමාත්‍යවරයකු වන අකිල විරාජ් කාරියවසම් මහතාත් පත්කර ඇත.
දින තුනක් ඇතුළත මෙම ගැටලු සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම පිරිසට උපදෙස් දී තිබේ.
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...
රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත්...