දේශීය පුවත්

අරලියගහ මන්දිරයේ සිට පැමිණි දේශපාලනඥයන් කිහිපදෙනකුගේ මෙහෙයවීමෙන් යුත් මැර කණ්ඩායමක් පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාර මැඩ පැවැත්වීමට අපොහොසත් වීමේ වගකීම භාරගෙන පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් තමන් වෙත පැවරි තිබූ රාජකාරිමය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව වහාම නීතිමය පියවර ගත යුතු බවත් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

නීතියේ ආධිපත්‍යයට හා ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් එක් කළ එකී මැර ප්‍රහාර මැඩ පැවැත්වීමට අපොහොසත් වූ මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග සම්බන්ධයෙන් තම සංගමයේ කිසිදු විශ්වාසයක් නොමැත්තේ යැයි ද කොළඹ නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ සරත් ඒකනායක හා සභාපති ලක්ෂ්මන් පෙරේරා යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More