විදේශ පුවත්

මෙතෙක් කොරෝනා වෛරසය පැතිර නොගිය රටක් ලෙස ලොවට පෙන්නුම් කළ උතුරු කොරියාවේ අගනුවර කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම හේතුවෙන් මුළු රටම දැඩි සේ අගුලු දැමීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පියවර ගෙන තිබේ.

උතුරු කොරියාවේ අගනුවර නගරයෙන් ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් වාර්තා වීම හේතුවෙන් එම වෛරස් ප්‍රභේදය පැතිරීම පාලනය කිරීම සඳහා මුළු රටම අගුලු දැමීමට පියවර ගත් බව නිවේදනය කර තිබේ. උතුරු කොරියාවේ අගනුවර ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යන බවට එරට රජයේ මාධ්‍ය විසින් නිවේදනය කර ඇතත් කෙතරම් ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇත්දැයි යන්න අනාවරණය කර නොමැත. සිය රට තුළ කොරෝනා ආසාදනය පැතිර යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති නායක කිම් පවසා ඇත්තේ මෙතෙක් කල් කොරෝනා ආසාදනයෙන් තොරව පවත්වාගෙන ගිය උතුරු කොරියාවේ දරුණු ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවයි. ඉතා ඉක්මනින්ම ඔමික්‍රෝන් ප්‍රභේදය රටින් තුරන් කරන බවද ඔහු සඳහන් කර තිබේ. කෙසේ වුවද නිරීක්ෂකයන් පවසනුයේ මිලියන 25ක ජනගහණයක් සිටින උතුරු කොරියාවේ කොරෝනා වෛරසය කලක සිට පැතිර පවතින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More