දේශීය පුවත්

උතුරේ සිට ඉන්දියාවට වැසියන් පලා යෑම වළක්වා ගැනීම සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අලුතින් යාත්‍රා කීපයක්ම ඉන්දීය මුහුදේ මුර සංචාරක කටයුතු සඳහා 11 වැනිදා සිට යොදවා තිබේ.

මේ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අලුතින් යාත්‍රා 16ක් යොදා ඇති අතර ඉදිරි කාලයේ දී තවත් අමතර යාත්‍රා 9ක් යෙදවීමට පියවර ගනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

උතුරේ දෙමළ වැසියන් මේ දිනවල සරණාගතයන් වශයෙන් ඉන්දියාවට පලා යෑමට පටන් ගැනීමත් සමගම ඔවුන්ට සරණාගතභාවය ලබාදීමට තමිල්නාඩුවේ දේශපාලන අධිකාරිය තීරණය කර ඇතත් ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජයේ අමාත්‍යවරුන් කීපදෙනකුගේ ම විරෝධය එල්ල වී තිබේ.

මේ තත්ත්වය මත උතුරෙන් ඉන්දියාවට පලා යන සරණාගතයන් නවතාලීමේ අරමුණින් ඉන්දීය සාගරයේ ආරක්ෂක කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

නමුත් මේ වන විට උතුරේ පුද්ගලයන් 84දෙනකු ඉන්දියාවට පලා ගොස් සරණාගතභාවය ලබා ගෙන ඇති අතර එසේ ගිය තවත් දෙදෙනකු මත්ද්‍රව්‍ය චෝදනාවන් මත ඉන්දීය බන්ධනාගාරයක රඳවා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More