දේශීය පුවත්

ඉදිරි දින කිහිපයේ රට තුළ ඩීසල් හා පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචිමාර්ග අනතුරු අඟවයි.

මේ වන විට ඩීසල් සහ පෙට්‍රල් තොග සීමිතව පවතින බවත් තිබෙන ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ලබාදීමට සැලසුම් කරන බවත් එම ආරංචි මාර්ග පැවසීය. දැනට මෙරටට බොරතෙල් මෙට්්‍රක් ටොන් 70,000ක් පමණ අඩංගු නැවක්, පෙට්‍රල් මෙට්‍ර්ක් ටොන් 37,500ක් අඩංගු නැවක් සහ කළුතෙල් මෙට්‍ර්ක් ටොන් 26,000ක් පමණ අඩංගු නැවක් පැමිණ ඇතත් එම නැව්වල ඉන්ධන ගොඩබෑම සඳහා ඩොලර් නොමැති බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.

ඉන්දියානු ණය ආධාර යටතේ මැයි 15 වැනිදා සහ 17 වැනිදා ඩීසල් නැව් දෙකක් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඩීසල් සහ දැවිතෙල් නොමැති වීම නිසා විදුලිය නිෂ්පාදනයට ද ඒවා ලබාදීමේ හැකියාවක් නොමැති බවත් එම නිසා විදුලි කප්පාදුව වැඩිවීමට හේතු විය හැකි බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More