දේශීය පුවත්

කොටුව ගාලුමුවදොර පිටියේ විරෝධතාවේ නිරතව සිටින පිරිස ඒ අවට හෝටල්වල ව්‍යාපාර කටයුතුවලට බාධා කරන බවට පසුගිය 6 වැනිදා පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇතත් සිය සේවාදායකයන් පොලිසියට එවැනි ප්‍රකාශ සිදුකර නැතැයි කොළඹ ගලධාරි හෝටලයේ හා ටැෆ් හවුස් අවන්හලේ කළමනාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට දැනුම් දුන්හ.

පොලිසියට එවැනි ආකාරයේ ප්‍රකාශ ලබානොදුන් බවට හා පොලිසිය අධිකරණයට අසත්‍ය කරුණු වාර්තා කළ බව සනාථ කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් එම කළමනාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ අමිල පල්ලියගේ යන මහත්වරු එලෙස අධිකරණයේ කියා සිටියහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුවලින් විරෝධතාකරුවන් ඉවත් කිරීමට නියෝගයක් කරන්නැයි පසුගිය 6 වැනිදා පොලිසිය විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කර නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයකු මගින් කරුණු දැක්වීමට දින ලබාදෙන ලෙස පොලිසිය වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරිවරයා ඊයේ අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

පොලිසිය පෙර නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීම සනාථ කිරීම සඳහා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස එම හෝටල් කළමනාකරුවන් නම්කොට තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More