දේශීය පුවත්

නව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ, කොල්ලුපිටිය වාළුකාරාමයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ නව අගමැතිවරයා නව කැබිනට් මණ්ඩලය පත් කිරීම හෙට දිනයේ සිදු නොවන බවත් තමන් ‘ගෝඨා ගෝ ගම’ට අත නොතබන බවත් අවධාරණය කළේය.

“රටේ ජනතාව මේ අවස්ථාවේ මූන පා සිටින ආර්ථික අර්බුදයන්ට ඉතාමත් කෙටි කාලයකින් විසදුම් ලබා දී ජනතාව විඳින පීඩාවන්ගෙන් මුදා ගන්නවා.” යනුවෙන් අග්‍රාමාත්‍යයවරයා ප්‍රකාශ කළ අතර, මාධ්‍යයවේදියෙකු බහුතරය පෙන්වන්නේ කෙසේදැයි නව අගමැතිවරයාගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් අගමැතිවරයා ” බහුතරය පෙන්වීමට අවශ්‍ය වූ විට එය පෙන්වනවා” යනුවෙන් පවසා සිටියේය.

මාධ්‍යයවේදියා පෙරළා ප්‍රශ්න කළේ ආණ්ඩුවේ සහයෙන් බහුතරය පෙන්වන්නේද කියායි. ඊට පිළිතුරු දීම වෙනුවට මාධ්‍යයට ප්‍රශ්නය යොමු කළ අගමැතිවරයා ප්‍රශ්න කළේ ” මාධ්‍ය ජනතාව දුකෙන් මිදෙනවාට අකමැතිද?දිගින් දිගටම ජනතාව මේ පීඩනයේ සිටීම මාධ්‍යයේ අවශ්‍යතාවයද?” කියායි.

ගෝඨාගෝගමට වෙන්නේ කුමක්දැයි යනුවෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා, ” අරගලය දිගින් දිගටම පැවතිය යුතුයි. ගෝඨාගෝගමට කිසිවක් කරන්නේ නැහැ.” යනුවෙන් පවසා සිටියේය.

මෙහ්දී මාධ්‍යයවීදියෙකු යම් විදිහකින් රනිල් ගෝ ගමක් ඇති වුවහොත් කරන්නේ කුමක්දැයි අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දෙමින් ” මගේ නිවස ඉදිරියේ මීට දින කීපයකට පෙර ‘රනිල් ගෝ හෝම්’ ලෙස සටන් පාඨ රැගෙන පිරිසක් සිටියා. මේ ලෙසින් සියලු දෙනාට ‘ගෝ හෝම්’ කියන්න ගියොත් රටපාලනය කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට නොහැකියි.” යනුවෙන් ප්‍රකාශ කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More