දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ පත් කිරීමෙන් වත්මන් ආර්ථික අර්බූදය විසඳිය හැකිදැයි ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ එහි මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ පැහැදිලි කිරීම ඔහුගේම වචනයෙන්,

” රනිල් වික්‍රමසිංහ කියන්නේ ජාතික බලවේගයට ගෞරවණීය හතුරෙක්. ඔහු හොරෙක් නොවෙයි.ඒත් මේ රටේ හොරකම ආයතනගත කිරීම සඳහා දායක වූ නායකයින් අතරින් අද ජීවත් වන ප්‍රමුඛයා. ඔහුට අත්දැකීම් තියෙනවා නව ලිබරල් ක්‍රියාන්විත්යේ මානසික වහලෙක් සහ අතවැසියෙකු ලෙස ඒ ගැන විවාදයක් නැහැ. අද පවතින ආර්ථික අර්බූදය, විශේෂයෙන්ම විදේශ විනිමය අර්බූදය නිර්මාණය කරන්න දැනට ජීවත්වන නායකයන් අතරින් ඉහළම දායකත්වය දැක්වූ පුද්ගලයා. 2015 සිට 2019 දක්වා වානිජ ණය ඩොලර් මිලියන 12,500ක් නිකුත් කළා. ඒ මගින්   පියන් කෙනෙකුට වුවත් ගෙවන කොමිස් මුදල 0.5%ක්. ඒ අනුව ඒ මගින් කවුරු හෝ ලබාගත් කොමිස් මුදල බැඳුම්කර වංචාවට සමානයි.අද පවතින විදේශ විනිමය අර්බූදයට කෙටිකාලීනව රට තල්ලු කිරීමට හේතු වුණේ ඒ ආකාරයට ඉහළ පොලියට ඉතිහාසයේ වැඩිම බැඳුම්කර නිකුත් කිරීම.1978 සිට නඩත්තු කළ නව ලිබරල් මොඩලය වත්මන් අර්බූදයට මූලික හේතුවක්.රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රියාන්විතයේ පීතෲවරයෙක්.ඔහු අගමැති කරල ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියල හිතන්නේ දෙවියන්ගේ හෝ ප්‍රේතයන්ගේ සහල් කැවුණු දේශපාලන නායකයන් කියල තමයි කියන්න තියෙන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More