දේශීය පුවත්

බටහිර රටවල් ඇතුළුව අමෙරිකාව විසින් රුසියාවට එරෙහි සම්බාධක බොහෝ ආකාරවලින් ගෝලීය ආර්ථික අර්බුදය අවුලුවන බව පවසන රුසියානු ජනාධිපතිවරයා සමහර රටවල් දැඩි සාගතයක් ඇතිවීමේ තර්ජනයට මුහුණ දී සිටින බවද මාධ්‍යය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

මේ වන විට බටහිර රටවල් විසින් රුසියාවට පනවා ඇති සම්බාධක මධ්‍යයේ සාර්ථකව කටයුතු කිරීමට රුසියාව සමත් වී ඇති අතර උද්ධමනයද මන්දගාමී වෙමින් පවතින බවද රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් මහතා  පැවසුවේය.

මේ අතර පසුගියදා මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කර සිටියේ රුසියානු සහ යුක්‍රේනය ආශ්‍රිතව පිහිටි ගොවි බිම්  “ලෝකයේ  පාන් මල්ල” ලෙස සැලකීමට තරම් සරුසාර තිරිඟු වගාවන්ගෙන් යුක්ත බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තවත් තහවුරු කරමින් රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියේ 2022 දී ධාන්‍ය අස්වැන්න රුසියාවේ සමස්ත ඉතිහාසයටම වාර්තාවක් විය හැකි බවයි.

ලෝක ප්‍රසිද්ධ බ්ලූම්බර්ග් සමාගම පසුගිය බදාදා ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවකට අනුව 2022 ආරම්භයේ සිට රුසියානු රූබලයේ සිදුවෙන වර්ධනය, ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක 31 ක් යටපත් කිරීමට සමත් වූ අතර එය ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්ව ඇති බවයි.

එම වාර්තාවට අනුව, වසර ආරම්භයේ සිට රූබලය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 11% කට වඩා ශක්තිමත් වී ඇත. ජාත්‍යන්තර මුදල් වෙළෙඳපොළේ රුබලයේ විනිමය අනුපාතිකය මේ වන විට 12%ක පමණ විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More