දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම නීත්‍යානුකූල නොවන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

නව අමාත්‍ය මණ්ඩලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් කොළඹදී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් කොළඹ අගරදගුරු හිමියෝ සිය නොසතුට පළ කළහ.

” වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ එක් නියෝජිතයෙකු පමණක් වන අතර ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි නොවේ. මේ පත්කිරීම නීත්‍යානුකූල නොවන අතර මේ මොහොතේ මේ රටේ ජනතාවට අවශ්‍ය විසඳුම මෙය නොවේ.” යනුවෙන් උන් වහන්සේ පැවසූහ.

ජනතාවට අවශ්‍ය වන්නේ දේශපාලනයෙන් පරාජය වූ, ජනතාව විසින් බලයෙන් නෙරපා හරින ලද පුද්ගලයකු නොව කීර්තිමත් අවංකභාවයක් ඇති පුද්ගලයකු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කළහ.

ජනතාවට අවශ්‍ය සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයකු බවද උන්වහන්සේ පැවසූහ.

“මහානායක හාමුදුරුවෝ නිර්පාක්ෂික නමක් යෝජනා කරනවා. එම යෝජනාවට සිදුවී ඇත්තේ කුමක්දැයි යන්න කාගේත් අනුමානයයි. පවතින අර්බුදයෙන් අනාගතයට විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාම අවශ්‍යයි ඒ වගේම මේ ක්‍රමයේ සම්පූර්ණ වෙනසක් අවශ්‍ය බව අපි නැවත අවධාරණය කරන්න කැමතියි. එය සිදු විය හැක්කේ වත්මන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හරහා නොවේ,” යැයි උන්වහන්සේ පැවසූහ.

එය සිදු විය හැක්කේ මේ රටේ සියලු පුරවැසියන්ගේ විශ්වාසය දිනාගත හැකි, පක්ෂග්‍රාහී නොවන පුද්ගලයකුට පමණක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වැඩිදුරටත් පැවසූහ.

‘මහානායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිතුමාගෙන් ඒ ඉල්ලීම කළා, ජනාධිපතිතුමා ඒ ඉල්ලීමට ගරු කරනවා, පූජ්‍ය පක්‍ෂයේ හඬට ගරු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා,’ උන් වහන්සේ පැවසූහ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම්දීමේ උත්සවය අවලංගු කරවන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More