බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම සිද්ධියට අදාළ හඳුනාගැනීමේ පෙරට්ටුව අද පැවැත්වීමට නියමිතව තිබූ අතර අදාළ පොලිස් රියදුරු මේ වනවිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බව කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
එසේම මෙම නඩුවේ සාක්ෂිකරුවන් වන එස්.ඩී.අයි.ජී දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස් අධිකාරි දසනායක යන මහත්වරුන්ට රෝහලෙන් පිටව ගියද විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් දැනුම් දී ඇති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුව යළි කල් තැබූ අතර සැකකරුවන් මැයි මස 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න පොලිසියට චෝදනා කළේ හඳුනාගැනීමේ පෙරට්ටුව කල් දැමීමට සහ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට පොලිසිය උත්සාහ කරන බවටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...