ඉවසීමේ සීමාවක් ඇති බවත් රටේ ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සූදානම් බවත් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.
… රටේ පුරවැසියන් ඝාතනය කරමින්, නිවාස ගිනි තබමින්, මංකොල්ල කමින්, පනවා තිබූ ඇඳිරි නීතිය ද නොතකා සංවිධානාත්මක පිරිස් කටයුතු කිරීම නිසා අකැමැත්තෙන් වුවත් පවතින බලතල ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.
වෙඩි තැබීමට සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමට රජයට හෝ ආරක්‍ෂක අංශවලට කිසිදු ආසාවක් හෝ වුවමනාවක් නැති බවද කී ආරක්‍ෂක ලේකම්වරයා තමන් ද ඇතුළුව සියලු ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ හදවතේ පවතින්නේ මේ රටේ සමස්ත ජනතාව අපේම සහෝදරයන් සහ ශ්‍රී ලාංකිකයන් යන්න පමණක් බව ද එහෙත් යම් කණ්ඩායමක් රටේ ජනතාව ඝාතනය කරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නේ නම් එයට එරෙහිව අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
සිදු වෙමින් තිබුණේ පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන්ට රාජකාරිය කිරීමට ඉඩක් නොතබා ශ්‍රී ලංකාව මිනී මරන, කොල්ල කන සහ ස්ත්‍රී දූෂණ සිදු කරන රටක් බවට ලෝක සිතියමේ සටහන් කිරීමේ උත්සාහයක් බව ද එහෙත් කිසිදා ශ්‍රී ලංකාවට එවන් ඉරණමක් අත්වීමට කොහෙත්ම ඉඩ නොතබන බවද කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...