දේශීය පුවත්

පිලිපීනයෙන් වාර්තා වන්නේ අලුත්ම පුවතක්. ෆෙර්ඩිනන්ඩ් මාකෝස් Jr, අති විශාල ජන්ද ප්‍රමාණයකින් පිලිපීනයේ ජනාධිපතිවරණයෙන් ජය ලබා ඇති බව. ෆෙර්ඩිනන්ඩ් මාකෝස් Jr යනු, දැනට 65ස් වියේ පසුවන ඔබ අප මීට ඉහතදී අසා ඇති පිලිපීන ඒකාධිපති නායකයෙකු වී සිට බලයෙන් පහ කෙරුණු ෆෙර්ඩිනන්ඩ් මාකෝස් Sr.ගේ සහ ඉමෙල්ඩා මාකෝස් ගේ එකම පුතා.
මේ ජයග්‍රහණයට එරෙහිව පිලිපීනයේ තරුණ පරපුර ආරම්භ කර ඇත්තේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්. මේ තරුණ පරපුර සහ මාකෝස් සමග ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟ වැදුණු එරට උප ජනාධිපති ලෙනී රෝබෙර්ඩො Leni Roberdo මේ විරෝධතා ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටිනවා.
මැතිවරණයට පෙර පැවති සෑම මත විමසුමකින්ම මාර්කෝස් අතිවිශාල ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරනු ඇතැයි පුරෝකථනය කර තිබුනා.
සවස හතර පමණ වන විට ජන්ද මිලියන 31කට අධික ප්‍රමාණයක් මාකෝස් හිමි කර ගෙන තිබු අතර ඒ ප්‍රමාණය උප ජනාධිපති ලෙනී රෝබෙර්ඩො ලබා ගත් ජන්ද ප්‍රමාණයට වඩා දෙගුණයක්.
මිලියන 110ක ජනතාවක් ජීවත් වන අග්නිදිග ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්රවාදයකට හිමිකම් කියන පිලිපීනයේ වර්තමාන නායකයින් ප්රාතන්ත්රවාදය වෙනුවෙන් ක්‍රියාකළ ආකාරය විවේචනය කරමින් තමයි මාකෝස් සිය ජන්ද ව්‍යාපාරය ඇරඹුවේ. බොහෝ පිලිපීන ජාතිකයින් මාකෝස් යන නාමය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඔහුගේ ඒකාධිපති පාලන සමය තුල සිදුවූ මිනිස්ඝාතන, වංචා දුෂණ නිසා. දැනට 92 හැවිරිදි ඉමෙල්ඩා මාකෝ 2018 වසරේදී වසර 11ක සිර දඬුවම් ලබා දුන්නත් වාර්තා වන අන්දමට තවමත් ඒ දඬුවම ක්‍රියාත්මක කර නැහැ.
මැතිවරණ කාර්යාලය ඉදිරිපිට රඳවා ඇති විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ඉදිරියේ රැස්වුණු තරුණ තරුණියන් හඬ දෙන්නේ “Thief, thief, thief!” and “Put Imelda in jail.” යනුවෙන්.
මේ පිරිස අතරින් තරුණියක් පැවසුයේ -“ පෞද්ගලිකව අපිට බයයි. අපේ අනාගතය ගැන බයයි. මට දැන් වයස 27ක් වනවා. මම වැඩිහිටියෙක්. මීට ඉහත දේශපාලනය ගැන මට අවබෝධයක් තිබුනේ නැහැ. නමුත් දැන් මට දැනෙනවා මේ තත්වයේ භයානකත්වය. ” යනුවෙන්.
විරෝධතාවය දක්වන තවත් තරුණ වෛද්‍යවරයෙක් පවසන්නේ “අපි මෙහි සිටින්නේ ඉතිහාසය නැවත ලිවීමට නොවේ. අපි මෙහි සිටින්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමටයි ” යනුවෙන්.
“පිලිපීන භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනාවක් තම හිතුමතයට පාවිච්චි කිරීමෙන් සහ කොල්ල කෑමෙන් මිලියන ගණනක ජනතාවක් මහා පාරට අද දැමු මාකෝස් පවුල නෙරපා හැරීමෙන් වසර 36කට පසුව නැවත වතාවක් ඔහුගේම පුත් ජනාධිපතිවරනයෙන් ජයග්‍රහණය කිරීම තුල අපිට බෙහෙවින් වැදගත් පණිවිඩයක් ලබා දෙනවා ” මෙසේ පවසන්නේ පවිත්‍ර පිරිසිදු මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණය කල පිලිපීන රෝමානු කතෝලික පුජකයෙකු වන රොබර්ට් රෙයිස්. ඔහු පවසන්නේ 1986 වසරේ මාකෝස් පාලනය පෙරලා දැමීම සඳහා ජන බලය වෙනුවෙන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කල කතෝලික පල්ලිය මෙවර ඒ බලපෑම එල්ල කිරීමට අපොහොසත් වූ බවයි. එමෙන්ම මේ මැතිවරණ ප්‍රතිපලය නිසා කතෝලික පල්ලිය නැවත අවධි වනු ඇතැයිද , තම පියා සොරකම් කල ඒ ධනය නැවත රටට ජනතාවට ලබා නොදුන්, එමෙන්ම තම පියා විසින් කොල්ලකන ලද ජනතාවක් සිටින රටක් නැවත වරක් පාලනය කිරීමට ඔහුට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද යන්නත් මේ කතෝලික පුජකවරයා ප්‍රශ්න කරනවා.
මේ වන විට මාකෝ ජනාධිපතිවරණෙ ජයග්‍රහණය හිමි කර ගනිමින් සිටිනවා. දැනට ගණන් කර ඇති 95% ක ජන්ද ප්‍රතිපල අනුව මාකෝස් මිලියන 30ක් පමණ ජන්ද හිමි කර ගෙනතිබෙනවා. Leni Robredo හිමි කර ගෙන තිබෙන්නේ මිලියන 14ක් පමණ. මෙය මාකෝස් ගේ අති විශාල ජයග්‍රහණයක්.
ජයග්‍රහණය ගැන මාකෝස් පවසන්නේ මෙවැනි දෙයක්. “පිලිපීන ජනතාවගේ මේ තීරණයෙන් පැහැදිලි වන්නේ ජනතාව තීරණාත්මක ලෙස මතයකට පැමිණ ඇති බවක්. මගේ දෙමාපියන් අනුව නොව මගේ ක්‍රියාවන් අනුව මාගේ දේශපාලනය විනිශ්චය කරන්න. ”
Nytimes සහ CNN වාර්තා ඇසුරින්. ලොව අනිකුත් රටවල් වල දේශපාලන තත්වයන් විශ්ලේෂණය කිරීමෙන් ලබා ගත හැකි පාඩම් අපමණයි. අධික බල තන්හාවෙන් ක්‍රියා කරමින් ජනතාවගේ ධනය සහ තරුණ පරම්පරාවේ අනාගත සිහින කොල්ලකමින් කටයුතු කල පාලන අධිකාරීන් බලයෙන් පහ වීමෙන් බලයට පැමිණි නායකයින් ද තම කාර්යය හරි හැටි නිවැරදිව පිරිසිදුව ඉෂ්ට නොකිරීම නිසා නැවත වරක් අවධානමට පත්වන්නේත් ඒ ජනතාවමයි. ඒ නිසා දේශපාලනය කෙරෙහි උනන්දුවීම සහ මින් මතුවට පාලකයින් ගන්න තීරණ විශ්ලේෂණයට භාජනය කරමින් ඒවා නිසි පරිදි අවබෝධ කර ගැනීම ගැන අප විශේෂයෙන් උනන්දු විය යුතුව තිබෙනවා.
ෆෙර්ඩිනන්ඩ් මාකෝස් Jr කුඩා කාලයේ හඳුන්වා ඇත්තේ බොන්ග්බොන්ග් මාකෝස් Bongbong Marcos යනුවෙන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More