මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වන ප්‍රවෘත්තියක් මගින් කියවෙන්නේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමට නියමිත බවයි.එම වාර්තා වලට අනුව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතා හෙට හෝ අනිද්දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව පවසා ඇත.ඔහුට අනුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබේ..
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(11) පස්වරුවේ හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති බවද එම වාර්තා පවසයි.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 25 කට වැඩි පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පලකිරීමට සූදානම් බව පවසන අන්තර්ජාල වාර්තා වැඩිදුරටත් පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලං නි ප ය ඇතුලු වෙනත් පක්ෂ වලින් තමන් අගමැති ධූරය භාරගතහොත් සහයෝගය ලබාදිය හැකිදැයි විමසා ඇති බවයි.
කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලා පරජය විය. සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඒ මහතාට පිරි නැමීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...