අප වෙත ලැබී ඇති මේජර් ජෙනරාල් ඩී.ජී.අයි කරුණාරත්න මහතා විසින් අත්සන් කරන ලද ලිපියක පිටපතකට අනුව හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ නාමයෙන්ම උතුරු නැගෙනහිර සිදුකරන ක්‍රියාවලිය මගින් හමුදාව තුළ ප්‍රධාන වෙනස්කම් 5 ක් සිදුවන බව පෙනී යනු ඇත. මේ පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාද ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙයමින් තොරතුරු අණාවරනය කළේය.
01. දැනට තිබෙන හමුදා බළඇණි 33 ක් අහෝසි වීම.
02. ඊට සමගාමීව උතුරු නැගෙනහිර හමුදා කදවුරු ඉවත් කිරීම.
03. හමුදාවේ සම්පූර්ණ පිරිස් ශක්තිය 25%කින් අඩවීම.
04. දැනට සිටින හමුදා නිලධාරීන්ගේ උසස්වීම් දහසකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවීම.
05. නව බදවාගැනීම් අඩුවීම. එම වෙනස්කම් අතර වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ඊයේ කළ අණාවරයට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා පවසා සිටියේ මෙම කරුණු අසත්‍ය බැවින් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවය.
කෙසේ වෙතත් 2018.02.21 දින යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් සහ 2018.06.08 මාණ්ඩලික නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මේජර් ජෙනරාල් ඩී.ජී.අයි කරුණාරත්න මහතා විසින් අත්සන් කරන ලද අප වෙත ලැබී ඇති ලිපියේ පිටපතද පාඨක ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරන්නෙමු.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...