දේශීය පුවත්

සියලුම පොලිස් ස්ථාන වෙත, පොලිස් මූලස්ථානය විසින් නියෝගයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීමට බලය ලබා දුන් ඇත.

එලෙසම ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ කොල්ලකෑම් සිදු කිරීමේ අරමුණින් වාහන නවතා සිදුකරන පරීක්ෂාවන් වැළැක්වීමට පියවර ගැනීමට පොලීසියටද උපදෙස් දී තිබේ.

ඒ අනුව දේපළවලට හානි සිදුකිරීම, කොල්ලකෑම හෝ ජීවිත හානි, පහරදීම් වැළැක්වීමටද උපරිම පියවර ගන්නැයිද සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇත.

මේ අතර ජනාධිපති මන්දිරය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ සිටින විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා පොලීසිය විසින් ශබ්ද විකාශන මාර්ගයෙන් දැනුම් දී තිබේ.

එම නිවේදනය මගින් රට තුළ ඇඳිරි නීතිය පනවා ඇති බවත් එම කාලය තුල ප්‍රසිද්ධ ස්ථානයන්හි ගැවසීම තහනම් කර ඇති නිසා එම ස්ථානයෙන් ඉවත් වන්නැයි දැනුම් දෙන බවත් පවසා සිටී.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධීපති දූරයෙන් ඉවත් වන ලෙස බල කරමින් මෙම විරෝධතාවය දැනට මාසයකට වැඩි කාලයක් තිස්සේ ගාළු මුවදොර පිටියේ පැවැත්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More